මේ රටේ උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ සෑහීමකට පත් වෙන්න බැහැ - PM

මේ රටේ උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය ගැන සෑහීමකට විය නොහැකි බවත්, ඒ තත්වයට පත්වීමට පසුගිය කාලයේ සිදුවූ ආයතනික බිඳවැටීම් හේතු වී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබෙනවා.  අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්. 

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 

 

සෑම ක්ෂේත්‍රයකින්ම රටට අවශ්‍ය නායකයින් බිහි නොකර මේ රට වෙනස් කරන්න බෑ කියන කාරණය අපි රජයක් ලෙස හදුනාගෙන තිබෙනවා. ඒ නිසා අධ්‍යාපනය නිවැරදි මගට යොමු කරන්න අපි ප්‍රමුඛතාවය දෙමින් කටයුතු කරනවා. 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ පළමු පියවර ලෙස දැනට සම්පූර්ණ නැති යටිතල පහසුකම් සම්පූර්ණ කරන්නත්, පවතින පුරප්පාඩු පුරවන්නත්, දැනට පවතින විෂය නිර්දේශයේ ගුණාත්මකභාවය වැඩිකරන්නත් අපි උසස් අධ්‍යාපන ආයතනවලටත් උපදෙස් ලබා දීලා තිබෙනවා.  
පසුගිය කාලය පුරාවට ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වුණත් නේවාසික පහසුකම් වැඩි වෙලා නෑ. මුල්‍යමය හෝ වෙනත් ගැටළු ඒ සඳහා තියෙන්න පුළුවනි. නමුත් සෑම විශ්වවිද්‍යාලයකම ශිෂ්‍යන්ට නේවාසික ගැටලු විසඳීමට කුමන හෝ පියවරක් ගතයුතුයි.  ඒ සඳහා ප්‍රමුඛතාව දෙන්න කියලා අපි කියලා තියනවා. 

හැම ආයතනයකටම අරමුණක් තියෙන්න ඕන. හාඩි විශ්වවිද්‍යාලයට වගේම  හැම ආයතනයකට  සුවිශේෂි බවක් තිබෙනවා. ඒ තත්වය ආරක්ෂා කරගෙන අද්විතිය මට්ටමට ඒ ඔස්සේ යායුතුයි. 

විවිධත්වයක් තියන ආයතන ගණනාවක් ඒ ආයතන තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් අරමුණ කරා යන්න කියලා මම යෝජනා කරනවා. 

ඉදිරි කාලයේ පාසල් අධ්‍යාපනය තුලත් අපි වැඩි ප්‍රමුඛතාවක් දෙන්නේ වෘත්තීය අධ්‍යාපනය සංවර්ධනය කරන්න. එවැනි තත්වයක් තුළ හාඩි විශ්වවිදයාලය වැනි ආයතන වලට වැඩි අවධානයක් ඉදිරියේදි යොමු වෙයි.  
 
උසස් අධ්‍යාපනයෙන් පසු වැඩි ශිෂ්‍ය පිරිසක් යොමු වෙන්නේ වෘත්තීය අධ්‍යාපනයට ඒ නිසා වර්තමාන රැකියා වෙළඳ පොළට පමණක් නෙමෙයි අනාගත රැකියා වෙළඳ පොළත් පුරෝකතනය කරමින් ඊට සුදුසු මානව සම්පත බිහි කරන්න කටයුතු කළ යුතුයි. 
මේ රටේ උසස් අධ්‍යාපන ආයතන වල ගුණාත්මකභාවය ගැන අපිට සෑහීමකට පත් වෙන්න බැහැ. පසුගිය කාලේ සිදු වූ ආයතන බිඳවැටීමත් මේකට හේතුවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කාන්තා දිනයදා  තෙල්දෙණිය ,දිගන සෙනරත්වෙල   පුස්තකාල මණ්ඩලය  කාන්තාවන්ට අත දෙයි Read Previous

කාන්තා දිනයදා තෙල්දෙණිය ,දිගන සෙනරත්වෙල පුස්තකාල මණ්ඩලය කාන්තාවන්ට අත දෙයි

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා Read Next

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා

Realted Post

Leave a comment