යුද්ධ හමුදාධිපති රනක්ෂිතයට පත් රණවිරුවන් බැහැදකියි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ  2025 දෙසැම්බර්  මස 23 දින කඹුරුපිටිය අභිමංසල, රාගම රණවිරු සෙවන සහ අත්තිඩිය මිහිඳු සෙත් මැදුර යන රණවිරු සුවතා මධ්‍යස්ථානයන්හි සංචාරයක නිරත විය. 

යුද්ධ හමුදාධිපති, රණක්‍ෂිතයට පත්ව එම රණවිරු සුවතා මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලූ අතර එළැඹෙන නත්තල් සමය වෙනුවෙන්, නත්තල් පණිවිඩය සහ ආශිර්වාද ගැන්වීම කොළඹ සහායක රදගුරු අති උතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් විසින් අත්තිඩිය මිහිඳු සෙත් මැදුර පරිශ්‍රයේදී සිදු කරන ලදී. 

මෙහිදී අත්තිඩිය ශුද්ධ වූ ත්‍රිත්ව දේවස්ථානයේ ගායන කණ්ඩායම සමඟ එක්ව රනක්ෂිතයට පත් රණවිරුවන්  විසින් නත්තල් කැරොල් ගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබිණ.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Previous

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

රසට පදමට කරවල හොද්ද Read Next

රසට පදමට කරවල හොද්ද

Realted Post

Leave a comment