රුසියානු ජාතික දින සැමරුම කොළඹ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි

ජුනි මස 12 වන දිනට යෙදෙන රුසියානු සමූහාණ්ඩුවේ ජාතික දිනය (Russia Day) නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ සැමරුම් උත්සවයක් පසුගිය දා (10) කොළඹ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා ඇතුළු රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ සංවිධානයෙන් පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා විවිධ රටවල් නියෝජනය කරන රාජතාන්ත්‍රිකයන්, දේශපාලනඥයන්, ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.

තම රටේ ඉතිහාසයට, සංස්කෘතියට සහ අනන්‍යතාවයට මුල්තැන දෙමින් රුසියානු සමූහාණ්ඩුවේ ස්වෛරීභාවය අභිමානවත් ලෙස සැමරූ මෙම අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව සහභාගී වූ අමුත්තන් සිය සතුට පළ කර සිටියහ.

විශේෂයෙන්ම, ශ්‍රී ලංකාව රටක් ලෙස මුහුණ දුන් විවිධ අභියෝගාත්මක සහ අර්බුදකාරී අවස්ථාවන්හි දී රුසියානු සමූහාණ්ඩුව මෙරට වෙනුවෙන් දැක්වූ අඛණ්ඩ සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ද මෙහිදී ගෞරවයෙන් යුතුව සිහිපත් කෙරිණි.

රුසියානු සාහිත්‍යය, කලාව සහ දේශපාලන ඉතිහාසය කෙරෙහි ලාංකීය ජනතාව තුළ පවතින ලැදියාව තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරට අතර පවතින මිත්‍රත්වය සහ සබඳතා ඉදිරියටත් සාර්ථකව පවත්වාගෙන යාම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණක් විය.

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Previous

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

කෙට්ටු වෙන්න ලණු කන අපි.. ඒ නිසා තාම බර අඩු වුණේ නැහැ නේද ? Read Next

කෙට්ටු වෙන්න ලණු කන අපි.. ඒ නිසා තාම බර අඩු වුණේ නැහැ නේද ?

Realted Post

Leave a comment