ලංකාදීප Online සහ සිරිකත Online යළිත් සම්මානයෙන් පිදුම් ලබයි

කොළඹ සිනමන් ලයිෆ් (Cinnamon Life) හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැති Diamond Excellence Awards 2026 උළෙලේදී, මෙරට ප්‍රමුඛ පෙළේ ඩිජිටල් මාධ්‍ය ජාලයන් වන ලංකාදීප Online සහ සිරිකත Online අභිමානවත් සම්මානයකින් පිදුම් ලැබීය.  

Diamond Excellence in Nation Building Through Digital Journalism 2026 (ඩිජිටල් මාධ්‍යවේදය ඔස්සේ ජාතිය ගොඩනැගීම සඳහා විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පිදෙන 2026 ඩයමන්ඩ් විශිෂ්ටතා සම්මානය). සම්මානයෙන් මෙවර ලංකාදීප Online සහ සිරිකත Online සම්මානයට පාත්‍ර විය. 

විජය සමාජ මාධ්‍ය ජාලයේ (Vijaya Social Media) Social Media Executive  කසුනි විජේසිංහ මෙනවිය විසින් මෙම සම්මානය ගන්නා ලදී. 

ජනතා විශ්වාසය දිනූ ඩිජිටල් ගමනක කඩඉමක් රටේ හෘද සාක්ෂිය බවට පත්වමින්, සත්‍ය සහ කාලීන තොරතුරු ක්ෂණිකව පාඨකයා වෙත සමීප කරන ලංකාදීප Online සහ කාන්තා දිවිය මෙන්ම සමාජයේ විවිධ මානයන් ස්පර්ශ කරන සිරිකත Online, ඩිජිටල් මාධ්‍ය ක්ෂේත්‍රයේ තබන ලද සුවිශේෂී සලකුණක් ලෙස මෙම ජයග්‍රහණය හැඳින්විය හැකිය.

නව තාක්ෂණය සමඟ අත්වැල් බැඳගනිමින්, ජනතාව දැනුවත් කිරීමට සහ ජාතියේ ප්‍රගමනය වෙනුවෙන් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ලබාදෙන අගනා දායකත්වය මෙලෙස යළිදුරටත් ජාතික මට්ටමින් ඇගයීමට ලක්වීම විජය පුවත්පත් සමාජ මාධ්‍ය අංශයට සහ විජය පුවත්පත් සමාගමටම ගෙන එන ලද මහත් ආඩම්බරයකි.

සටහන - කසුනි විජේසිංහ

Pure Elegance, Timeless Beauty Read Previous

Pure Elegance, Timeless Beauty

කඩුගන්නාව පුරාණ මාවෙල වළගම්බා විහාරය වැඳ පුදා ගන්න යමුද? Read Next

කඩුගන්නාව පුරාණ මාවෙල වළගම්බා විහාරය වැඳ පුදා ගන්න යමුද?

Realted Post

Leave a comment