ලෝක ගුරු දිනය නිමිත්තෙන් විශේෂ සැමරුම්

ලෝක ගුරු දිනය නිමිත්තෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් පසුගියදා මාතලේ විජයපාල විද්‍යාලයේදී පැවැත්විණි.

විදුහල්පති අසේල අහස්දෙණිය මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කළ මෙම වැඩසටහනේදී ගුරු භවතුන්ගේ සේවය ඇගයීමට ලක් කරමින් විවිධ වැඩසටහන් රැසක් පැවැත්විණි.

ගුරුවරයාගේ කැපවීම, මඟපෙන්වීම හා අධ්‍යාපන ක්ෂේත්‍රයට ඔවුන්ගෙන් සිදුවන අමිල මෙහෙවර සිහිපත් කරමින් මෙම සැමරුම සංවිධානය කර තිබිණි.

විද්‍යාලයේ ගුරු භවතුන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න 

අසාර්ථක වූ මුල්ම කේක් එකෙන් ’Cakes by Rumi’ ජයගත් රුමේෂිකාගේ දිරිය කතාව Read Previous

අසාර්ථක වූ මුල්ම කේක් එකෙන් ’Cakes by Rumi’ ජයගත් රුමේෂිකාගේ දිරිය කතාව

ගර්භනී සමයේදී මව ලබාගත යුතු ආහාර Read Next

ගර්භනී සමයේදී මව ලබාගත යුතු ආහාර

Realted Post

Leave a comment