වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලයට

සැම ක්ෂේත්‍රයකම ප්‍රවීණයන් අගයමින් Diamond Excellence Awards 2025  පසුගිය අගෝස්තු 18 වැනිදා ගෝල්ෆේස් හෝටල් පර්ශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. 

මෙහිදී ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්, ජනමාධ්‍යවේදීන්, රූපලාවන්‍ය ශිල්පීන්, කලාකරුවන් සහ ගුරුවරුන් වැනි ක්ෂේත්‍ර ගණනාවකට අයත් බොහෝ පිරිසකට සම්මානය ලබාදීම සිදුවුණා.  

මෙවර Diamond Excellence Awards - 2025හි, වසරේ සිංහල සමාජ මාධ්‍ය ජාලයට හිමි විශිෂ්ඨතා සම්මානය ලංකාදීප Online සමාජ මාධ්‍ය ජාලය දිනා ගත් අතර විජය නෙට්වර්ක්ස් සමාජ මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානී තස්මිනා සුකුර් මිය විසින් එම සම්මානය ලබා ගත්තා. 

අප සමග නිබඳව රැදී හිද, අපව මෙතරම් දුරකට ඔසවා තැබූ ආදරණිය ඔබට අපගේ ගෞරවණීය උත්තමාචාරය. 

 

සටහන - කසුනි නිමල්කා විජේසිංහ 

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon Read Previous

රහයි ගුණයි දෙකම Lemon Pepper Salmon

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Next

මධ්‍යම පලාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

Realted Post

Leave a comment