විශ්ව විද්‍යාල වරම් ලැබූ විරු දරුවන්ට යුද්ධ හමුදාවෙන් ලැප්ටොප්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින්  සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වරම් ලද දරුවන් වෙත ලැප්ටොප් පරිගණක ප්‍රධානය කිරීමේ විශේෂ වැඩසටහනක් 2025 අගෝස්තු 12 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. 

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර එහිදි   විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත් උපාධි අපේක්ෂකයින් 57 දෙනෙකු සදහා ලැප්ටොප් පරිඝණක ලබාදෙන ලදී.

 
මෙහි අරමුණ වන්නේ දැනට සේවයේ නියුතු සාමාජිකයින්ගේ දරුවන් හට අත්‍යවශ්‍ය තාක්ෂණික සම්පත් ලබා දීමෙන් ඔවුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහාය වීමයි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ ප්‍රතිලාභී දරුවන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී විය

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Previous

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

ලෝකය ලෙයින් ලියාගත් ඉතිහාසය Read Next

ලෝකය ලෙයින් ලියාගත් ඉතිහාසය

Realted Post

Leave a comment