සැබෑ කලා සිත් හඳුනාගත් කලා සිත්රූ කලා සම්මාන උළෙල

ජනතාවාදී මිනිසුන් වෙනුවෙන් වෙන් වූ කලා සිත්රූ කලා සම්මාන උළෙල 

කලාවේ උන්නතිය උදෙසා කැපවන නියම කලාකරුවන් මෙන්ම අනෙකුත් සියලු ක්ෂේත්‍රයන්හි ජනතාවාදී මිනිසුන් සොයා, වෙනත් ලාභ ප්‍රයෝජනයක් ලැබීමේ අරමුණකින් තොරව එවැනි දක්ෂ, ප්‍රවීණ ජනතාවාදී කලාකරුවන් මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් සම්මානයට පාත්‍ර කිරීම කෙතරම් නම් වටිනා කර්තව්‍යක්ද?

එවන් කර්තව්‍යක් ඉටු කරන කලා සිත්රූ කලා පදනම විසින් කලා සිත්රූ කලා 2025 සම්මාන උළෙල මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. 

කලා සිත්රූ පදනම කලාකරුවන්ගේ මෙන්ම සියලුම මිනිසුන්ගේ සුබසාධනය උදෙසා සහ සමාජ සේවා කටයුතු කරන්නක්.  මෙම සම්මාන උළෙලේදී මෙවරත් අමරණීය ජෝති රන් ස්වර/ සිරියා මේ සාරා සංගීත සැඳෑව සමඟ විවිධ අංශ රැසක් යටතේ  සම්මානයට පාත්‍ර කරනු ලැබුණා.  මෙහිදී මාධ්‍යවේදී අංශයෙන් සමන් ප්‍රියංකර නම්මුනිගේ, රිදම් ගිටාර් වාදන අංශයෙන් බ්‍රයන් ඇඩොල්ෆස්, ගායන අංශයෙන් විරාජ් ඇතුළු තවත් කලාකරුවන් රැසකටත්,  නිවේදන ශිල්පීන්, ප්‍රසංග සංවිධායක/සම්බන්ධීකාරක, ඡායාරූපකරණය ආදී  ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ජනතා මෙහෙවරට කැප වූ විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයක් රැසක්ද සම්මානයට පාත්‍ර වූවා. 

කලාසිත්රූ කලා පදනමේ සභාපති දේශමාන්‍ය රෝහණ කොස්තා සඳහන් කළේ කලාවට සම්බන්ධ වී කටයුතු සිදු කළද උපහාර නොලැබෙන දක්ෂ කලාකරුවන්ව මෙම පදනම හරහා සම්මානයට පාත්‍ර කරන බවයි. එවැනි කලාකරුවන් පිළිබඳව සොයා බලා මුදලක් අය කර ගැනීමකින් තොරව සමාජයේ පිළිගත් විවිධ කලාකරුවන්, දක්ෂයින් අගය කිරීම පිණිස පැවැත්වෙන සම්මාන උළෙලක් වීම මෙහි පවතින විශේෂත්වයයි. 

තම මව්බිමට කීර්තියක් අත්කර දෙමින් රටේ උන්නතිය උදෙසා කැපවන, ශ්‍රී ලාංකේය කලා කෙත අස්වද්දන, සංස්කෘතිය රකිමින් අනාගත පරපුර උදෙසා එය ආරක්ෂා කරගැනීමට කැපවන සම්මානයට පාත්‍ර වූ සියලුම කලාකරුවන්ට සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ට උණුසුම් සුබ පැතුම්!


සටහන: විශ්වනී හසලා

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Previous

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Next

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

Realted Post

Leave a comment