සිතුල්පව්ව රජමහා විහාරස්ථායෙහි පොසොන් ආලෝක පූජාවට ගිය හිටපු ජනපති මහින්ද

පැරණි මාගම්පුර රාජධානියට අයත් සිත් අලවන පර්වතය යන අරුත ඇති සිතුල්පව්ව භූමියෙහි පිහිටා ඇති ඓතිහාසික  සිතුල්පව්ව රජමහා විහාරස්ථායෙහි 39 වන වරටත් සංවිධානය කරන ලද පොසොන් ආලෝක පූජාව සඳහා පසුගිය පොසොන් පොහොය (10) දා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී විය.  

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කරගනිමින්, ඓතිහාසික සිතුල්පව්ව යටගල උභය රාජමහා විහාර ප්‍රමුඛ තදානුබද්ධ අෂ්ඨ මහා විහාරාධිපති, විශ්‍රාමලත් විදුහල්පති, ශාස්ත්‍රපති තල්පේ අරියජෝති නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා සිතුල්පව්ව රාජමහා විහාරය ප්‍රමුඛ අෂ්ඨ මහා විහාරාධිකාරී, දෙහිවල ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති, කොළඹ නාලන්ද විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය, ශාස්ත්‍රපති ලේල්වල සමිත ස්වාමීන් වහන්සේගේ ප්‍රධානීත්වයෙන් පැවති මෙම  ආගමික කටයුතු ආශීර්වාද බෝධි ජූජා, විශේෂ සීල සමාදාන වැඩසටහනක්, පරිත්‍රාන ධර්ම සජ්ඣායනා, ආලෝක පූජා, දන්සැල්, සහ වාහල්කඩ ව්‍යාපෘතිය ආදී ආගමික කටයුතු රාශියකින් සමන්විත විය. 

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Previous

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

එදා රෑ, 18 එනවා Read Next

එදා රෑ, 18 එනවා

Realted Post

Leave a comment