සිරිකත - කැලණි නදී අවුරුදු කුමරා සහ කුමරිය 2025

සිරිකත පුවත්පත  නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය  දක්වන  කැලණි නදී අවුරුදු කුමරා සහ කුමරිය  තේරීමේ මූලික තරගය පෙබරවාරි  08 වැනි දින  බියගම P.T. Gardens   පරිශ්‍රයේදී   පැවැත්විණි.

එහිදී  ප්‍රවීණ විනිසුරු මඬුල්ලකගේ  පූර්ණ අධීක්ෂණය යටතේ  අවසන් කිරුළ සඳහා  කුමර කුමරියන්  18  දෙනෙකු  තෝරගනු ලැබිණි.  ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන්,  රූපලාවන්‍ය ශිල්පී, ශිල්පිනියන්,  ගායන ශිල්පී ශිල්පිනියන්  ඇතුළු  ක්ෂේත්‍ර රැසක  ප්‍රවීණයෝ මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී වූහ.
මෙහි විනිශ්ච මණ්ඩලය ලෙස ගීතප්‍රිය සමරසිංහ, නුවන්දිකා සිරිවර්ධන, ටීනා සනෙල්, උදුම්බරා සෙව්වන්දී, ජයංගනී   දීක්කුඹුර, ඒෂාන් ඩයස්, සමන්ත ප්‍රනාන්දු , ශිත්මි එදිරිසිංහ , දිනූෂා මාගගේ , ප්‍රසන්න විජේවර්ධන, දුමින්ද පෙරේරා, ඉන්දික විතානගේ , රේණුක නිශාන්ත, දිල්හානි දේදුනු, තරංග හර්ෂ කුමාර, සංසලා කරදනගොඩ, මනෝලි සුබසිංහ, කාංචනා කාන් සිටියහ.
රූපලාවන්‍ය ශිල්පී ශිල්පිනියන් වන කාවින්ග ලෙස්ලි, කුමාරි  ගුණසේකර,  ඉනෝකා  බෝගස්තැන්න,  නිරෝෂා රණසිංහ  යන ශිල්පීන්  විසින්මෙ ම වැඩසටහන   සංවිධාන කරන ලදී.

  • ඡායාරූප : රුෂිරු කොළඹතන්ත්‍රිගේ

 

රසට පදමට කරවල හොද්ද Read Previous

රසට පදමට කරවල හොද්ද

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර Read Next

අඳුරු ලප ඉවත් කර පැහැපත් සමකට සත්කාර

Realted Post

Leave a comment