සිරිකත පුවත්පතේ කර්තෘ අශන්ති වරුණසූරිය Sri Lanka’s Most Influential Female Editor සම්මානයෙන් පිදුම් ලබයි

අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු 'ඩයමන්ඩ් විශිෂ්ඨතා සම්මාන උළෙල 2026' (Diamond Excellence Awards 2026) හිදී, මාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ඨ සේවයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වඩාත්ම බලපෑම් සහගත කාන්තා කර්තෘවරිය (Sri Lanka's Most Influential Female Editor) සම්මානය දිනා ගැනීමට අශන්ති වරුණසූරිය මහත්මිය සමත් වූවාය.

ප්‍රතිභාපූර්ණ මාධ්‍යවේදිනියක ලෙස ඇය මාධ්‍ය ක්ෂේත්‍රයට ලබා දී ඇති අනුපමේය දායකත්වය සහ සමාජය දැනුවත් කිරීම වෙනුවෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර අගයමින් මෙම සම්මානය ඇය වෙත පිදෙන ලදී.

සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පැවති මෙම සම්මාන උළෙල සඳහා කීර්තිමත් අමුත්තන් රැසක් එක්ව සිටි අතර, මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ අභිමානය ඉහළ නංවන ලද මෙම සුවිශේෂී ජයග්‍රහණයට සහභාගී වූ සැමගේ නොමද පැසසුම් හිමි විය.

සිරිකත පුවත්පතේ කර්තෘ අශන්ති වරුණසූරිය මහත්මිය, ඔබට සිරිකත Online ලංකාදීප online අපේ උණුසුම් සුබපැතුම්

සටහන - කසුනි විජේසිංහ

හිමියන් ලියූ පදවැල් ඇය ගැයූ පදවැල් Read Previous

හිමියන් ලියූ පදවැල් ඇය ගැයූ පදවැල්

ආයු වඩ්ඩකෝ ! Read Next

ආයු වඩ්ඩකෝ !

Realted Post

Leave a comment