සිරිකත පුවත්පතේ කර්තෘ අශන්ති වරුණසූරිය Sri Lanka’s Most Influential Female Editor සම්මානයෙන් පිදුම් ලබයි

අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු 'ඩයමන්ඩ් විශිෂ්ඨතා සම්මාන උළෙල 2026' (Diamond Excellence Awards 2026) හිදී, මාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ඨ සේවයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වඩාත්ම බලපෑම් සහගත කාන්තා කර්තෘවරිය (Sri Lanka's Most Influential Female Editor) සම්මානය දිනා ගැනීමට අශන්ති වරුණසූරිය සමත් වූවාය.

Ashanthi Warunasuriya

ප්‍රතිභාපූර්ණ මාධ්‍යවේදිනියක ලෙස මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට ලබා දුන් අනුපමේය දායකත්වයත්, ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඇය ඉටු කළ සුවිශේෂී මෙහෙවරත් අගයමින් ප්‍රවීණ මාධ්‍යවේදිනී අශන්ති වරුණසූරිය වෙත මෙම සම්මානය පිරිනැමිණි.

මාධ්‍යවේදිනියක ලෙස පමණක් නොව, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක, නිවේදිකාවක සහ කර්තෘවරියක ලෙසද සිය හැකියාවන් විදහා දක්වා ඇති අශන්ති වරුණසූරිය, මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනගාගත් මාධ්‍යවේදිනියකි. ඇයගේ මාධ්‍ය භාවිතය තුළ විශේෂයෙන් කැපී පෙනෙන්නේ සමාජය තුළ කතාබහට ලක්විය යුතු කරුණු නිර්භීතව ඉදිරිපත් කිරීමත්, ජනතාවට වැදගත් තොරතුරු සරලව හා සෘජුව ගෙන ඒමත්ය. 

දෙස් විදෙස් මාධ්‍ය අත්දැකීම් රැසකින් පරිපූර්ණ ඇය, ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක ලෙසද කලක් පුරා සිය නම සනිටුහන් කර තිබේ. ජනතාවගේ අවධානයට ලක් නොවන කරුණු සමාජය හමුවේ ගෙන ඒම, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයන්ගේ අදහස් හා අත්දැකීම් ජනතාව වෙත ගෙන ඒම මෙන්ම, සමාජයේ හඬක් නොලැබෙන පිරිස් වෙනුවෙන්ද මාධ්‍ය අවකාශය විවෘත කිරීම ඇයගේ මාධ්‍ය මෙහෙවරේ සුවිශේෂී ලක්ෂණයකි. 

මේ වන විට ඇයගේ මෙහෙයවීමෙන් ඉදිරිපත් වන ලංකාදීප Online හි ජනප්‍රිය “රතු කට්ට” දේශපාලන සංවාද වැඩසටහන මෙන්ම “කතාව විත් අශ්” වැඩසටහනද විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන තිබේ. දේශපාලනය, සමාජය, කලාව, ව්‍යාපාර ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් සමඟ සිදුකරන සංවාද හරහා වර්තමාන සමාජයේ වැදගත් මාතෘකා පිළිබඳ විවෘත කතාබහක් ගොඩනැගීමටද ඇය සමත් වී ඇත. 

එමෙන්ම සමාජය දැනුවත් කිරීම අරමුණු කරගත් වැඩසටහන් රැසක් මෙහෙයවමින්, එසැණින් තොරතුරු ජනතාව වෙත ගෙන ඒමටද ඇය සිය මාධ්‍ය හැකියාව උපරිමයෙන් භාවිත කරයි. ඇයගේ මාධ්‍ය මෙහෙවර පුවත් වාර්තාකරණයට පමණක් සීමා නොවී, සමාජ ගැටලු පිළිබඳ සංවාදයක් ඇති කිරීම සහ ජනතාවගේ අවධානය යොමු කළ යුතු කරුණු ඉදිරියට ගෙන ඒම දක්වා පුළුල් වී තිබේ.

එමෙන්ම 2025 වසරේදී කාන්තා පුවත්පතක ජනප්‍රියම කර්තෘවරිය වෙමින්, මෙතෙක් ඇය ලබා ඇති සම්මානද ගොන්නකි. මාධ්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ අභියෝග මධ්‍යයේ වුවද සිය වෘත්තීය ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන ගිය ඇය, සමාජ සුබසාධනය සහ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන්ද සිය දායකත්වය ලබා දී ඇත. ඒ නිසාම විවිධ අවස්ථාවලදී ඇය වෙත පිරිනැමුණු සම්මාන සහ දේශ ශක්ති, ජන ප්‍රසාදිනී, මාධ්‍යශුරි, දේශඅභිමානී වැනි ගෞරව නාම ඇයගේ දිගුකාලීන කැපවීම හා මෙහෙවර වෙනුවෙන් ලැබුණු ඇගයීම් ලෙස හැඳින්විය හැකිය.

සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පැවති මෙම සම්මාන උළෙල සඳහා කීර්තිමත් අමුත්තන් රැසක් එක්ව සිටි අතර, මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ අභිමානය ඉහළ නංවන මෙම සුවිශේෂී ඇගයීම පිළිබඳව සහභාගී වූ විද්වතුන්, මාධ්‍යවේදීන් සහ සම්භාවනීය පිරිස් රැසක් සිය ප්‍රශංසාව පළ කළහ. ඔවුන්ගේ අදහස වූයේ, මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය මෙතෙක් සිදු කළ කැපවීම, වෘත්තීයභාවය, නිර්භීත මාධ්‍ය භාවිතය සහ සමාජය දැනුවත් කිරීම වෙනුවෙන් ඉටු කළ මෙහෙවර සැලකිල්ලට ගත් විට, මෙම සම්මානය ඇයට හිමිවිය යුතුම ගෞරවයක් බවයි.

සටහන - කසුනි විජේසිංහ

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනිය Read Previous

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනිය

තාල පැටලුණු ජීවිත Read Next

තාල පැටලුණු ජීවිත

Realted Post

Leave a comment