සිරිපා අඩවිය පිරිසිදු කරන “විශේෂ ශ්‍රම මෙහෙයුම”

 

සිරිපා අඩවිය පිරිසිදු කරන  “විශේෂ ශ්‍රම මෙහෙයුම” ඇරඹෙයි

“ක්ලීන් ශ්‍රී ලංකා එක් දින ශ්‍රමදාන වැඩසටහන” 29 වනදා
“නාවික හමුදා ශ්‍රම මෙහෙයුම” දෙසැම්බර් 13 - 14

සිරිපා වන්දනා සමයට සමගාමීව සිරිපා අඩවියේ පාරිසරික පද්ධතිය ආරක්ෂා කර ගැනීම සහ සැදැහැවතුන්ගේ පහසුකම් ඉහළ නැංවීමේ අරමුණෙන් 'ක්ලීන් ශ්‍රී ලංකා' සහ පරිසර අමාත්‍යාංශය එක්ව දියත් කරන ජාතික වැඩසටහන ඊයේ (25) ආරම්භ විය.  

ඒ අනුව මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ වීමට පෙර සිරිපා මළුව අවට සහ ළඟා වීමට අපහසු ස්ථානවල එක් රැස්වී ඇති අපද්‍රව්‍ය  ඉවත් කර සංවේදී පාරිසරික පද්ධතිය නැවත පොලිතීන් සහ ප්ලාස්ටික්වලින් දූෂණය වීම වැළැක්වීමේ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ   විශේෂ කාර්ය බලකායේ මූලිකත්වයෙන් සිදු කරනු ලබන මෙම “විශේෂ ශ්‍රම මෙහෙයුම” නොවැම්බර් 29 දක්වා පැවැත්වේ. 

මෙම ව්‍යාපෘතියේ මුල් අදියරේ අවසන් දිනය ලෙස නොවැම්බර්  29 වනදා  තුන්දහසක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් නල්ලතන්නිය හා පලාබද්දල ප්‍රවේශයන්හි “ක්ලීන් ශ්‍රී ලංකා එක් දින ශ්‍රමදාන වැඩසටහන” පැවැත්වීමට නියමිතය. සිරිපා අඩවිය ප්ලාස්ටික් සහ පොලිතීන් නිශ්පාදනවලින් තොර කලාපයක් බවට පත් කිරීමේ අරමුණින්  මෙවර සිරිපා සමය තුළ ලීටරයට වඩා අඩු (PET) බෝතල් ,එක් වරක් පමණක් භාවිතා කරන පොලිතීන් සහ ප්ලාස්ටික් හා පොලිතින් දවටන සහිත නිශ්පාදන තහනම් කිරීමටද පියවර ගෙන තිබේ. 

එසේම දෙසැම්බර් 13 - 14 දෙදින තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මාවුස්සා කැලේ ජලාශය ආශ්‍රිත පරිසරය පිරිසිදු  කිරීමේ “නාවික හමුදා ශ්‍රම මෙහෙයුම” ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබේ.

මීට අමතරව දීර්ඝ කාලීන පියවර වශයෙන් ශ්‍රී පාද භූමියේ ජල පහසුකම සහ වැසිකිළි පද්ධතිය විධිමත් කිරීම, මාර්ගය දෙපස ප්‍රමිතියෙන් යුත් වෙළෙඳසැල්ද,  නල්ලතන්නිය ආශ්‍රිතව පහසුකම් සහිත රෝහලක් ස්ථාපිත කිරීම මෙන්ම ආරක්ෂිත රථ ගාලක් ස්ථාපිත කිරීමටද අපේක්ෂිතය. 

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණය යටතේ සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ,නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, රත්නපුර සහ හැටන් දික්ඔය, අඹගමුව සහ නෝවුඩ් ප්‍රාදේශීය සභා, ශ්‍රී ලංකා පොලීසිය, ස්වේච්ජා සංවිධාන , පරිසර සංවිධාන ඇතුළු රාජ්‍ය හා පුද්ගලික ආයතන රැසක් සහාය දක්වයි.

ලෝකාන්තය බලන්න යනවා වගේම පරිස්සම ගැනත් හිතන්න Read Previous

ලෝකාන්තය බලන්න යනවා වගේම පරිස්සම ගැනත් හිතන්න

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය  සහ විවාහක අවුරුදු කුමරා කුමරිය  2026 Read Next

සිරිකත ,කැලණි නදී අවුරුදු කුමරා කුමරිය සහ විවාහක අවුරුදු කුමරා කුමරිය 2026

Realted Post

Leave a comment