’’ ඒක තමයි මේක’’ සිංහල චිත්‍රපට කර්මාන්තයට අලුත් එළියක්

"ඒක තමයි මේක" චිත්‍රපටයේ මුහුරත් උළෙල ඊයෙ (16) දින BMICH හි Lotus Hall හි ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත් වුණා. 

යූ ටියුබර්ස්ලා ගණනාවක් රංගනයෙන් දායක වෙමින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට නියමිතයි.

ඒ අනුව රංග ජයකොඩි, චමල් රත්නායක (ජනයි ප්‍රියයි) , රතිදු සේනාරත්න (රැට්ටා), ලෝචනා ජයකොඩි (ලෝචි), ලක්මාල් වීරසිරි, ශාන් අරෝෂ (ලකයි සිකයි), ජනිත් රූපසේන (සිරිල් අයියා) රංගනයෙන් දායක වනවා. 

මෙම අවස්ථාවට රංජන් රාමනායක, සෝමරත්න දිසානායක, නළු නිළියන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව හිටියා.

සටහන - කසුනි විජේසිංහ

අවුරුදු 3,000ක් පරණ රන් කරාබු දෙකක් Read Previous

අවුරුදු 3,000ක් පරණ රන් කරාබු දෙකක්

Crimson Elegance Rukshana Read Next

Crimson Elegance Rukshana

Realted Post

Leave a comment