’’අග්නි 2025’’ ඇසළ කලා මංගල්‍යය

මාතලේ, මහේෂ් රංග කලායතනය මගින් වාර්ෂිකව සංවිධානයක කරනු ලබන 5වන ඇසළ කලා මංගල්‍යය "අග්නි 2025" නර්තන ප්‍රසංගය හා බැති ගී සරණිය පසුගියදා මාතලේ, එඩ්වඩ් පාර්ක් ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.  

මෙම කලා මංගල්‍යයයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු වැඩබලන අමාත්‍ය  ගමගෙදර දිසානායක මහතා සහභාගී වී තිබෙනවා. 

,මෙම අවස්ථාවට මාතලේ මහා දිසාවේ ප්‍රධානසංඝනායක මහලකොටුවේ විමලධම්ම නාහිමි, මාතලේ මහනගර සභාවේ නගරාධිපති අශෝක අජිත් කොට්ටච්චි නාගරික මන්ත්‍රී  නිශාන්ත රම්පිටිය , මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන මහේෂ් රංග කලායතනාධිපති මහේෂ් ප්‍රසන්න මහතා  ඇතුළු දූවා දරුවන්, සම්භාවනීයන්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියා.  

මාතලේ මහේෂ් කිර්තිරත්න 

ලස්සනට අඳින්න ආස අයට Read Previous

ලස්සනට අඳින්න ආස අයට

අවතැන් ව සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත පරිත්‍යාග Read Next

අවතැන් ව සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත පරිත්‍යාග

Realted Post

Leave a comment