හැමවිටම පවුලට මුල්තැන දෙනවා - Dinakshie

කලා පවුලකින් පැවතගෙන එන ඇය ඉතා දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇය දිනක්ෂි ප්‍රියසාද්ය.

  • මේ දවස්වල  කාලය ගත කරන්නේ කොහොමද?

මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. කාලය කළමනාකරණය කරගන්නත් අමාරුයි. මේ දවස්වල මම රඟපෑ ටෙලි නාට්‍ය විකාශය වෙනවා. එ්‍  වගේම චිත්‍රපටයකුත් තිරගත වෙනවා.  ඉදිරියේදී තවත්‍් චිත්‍රපට තිරගතවීමට නියමිතයි.

  • මේ දවස්වල විසල් ආදරයට ලැබෙන ඵ්‍රතිචාර කොහොමද?

ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනළු. හිතුවටත් වඩා  ගොඩක් හොඳට  ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටය ආදරයෙන් වැලඳ ගත්තා. ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ආදරේ ගෞරවය තමයි අපේ ලොකුම සම්මානය.

  • දරුවත් සමග කොහොමද කාලය කළමනාකරණය කරගන්නේ

කාලය කළමනාකරණය කරගන්න ලොකු අභියෝගයක්. මං කැමති නෑ දරුවගේ දේවල් මගහැර ගන්න. දරුවා ඉක්මනට ලොකු වෙනවා. මේ ගෙවෙන්නෙ ලස්සනම කාලය.  ඒ වගේම මගේ පවුලෙ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. සෑම වෙලාවකදීම මූලිකත්වය ලබා දෙන්නේ මගේ දරුවට.

  • ඔබයි සාරංගයි දෙන්නම කාර්යබහුලයි, කොහොමද ඒ බැඳීම් තියාගන්නෙ?

එකම ක්ෂේත්‍රයක සිටින නිසා තේරුම් ගැනීම හරිම පහසුයි. ඒ වගේම සාරංග මට නිදහස දීලා තිබෙනවා මගේ වැඩ කටයුතු කරගන්න. අපි දෙන්න සෑම වැඩකදීම කතාබහ කරමින් තීරණ ගන්නෙ. ඒ කෙසේ නමුත්  සතියට දවසක් දෙකක් අපි අපි වෙනුවෙන් වෙන් කරගෙන තිබෙනවා.

  • රැකියාවක් කරන කාන්තාවක් විදියට ඔබ ජීවිතය දකින්නෙ කොහොමද?

සෑම කෙනෙක්ම රැකියාවක් කරන්නේ අත්‍යවශ්‍ය නිසයි. මේ කාලයේ  දෙදෙනාම රැකියා කිරීම  ආර්ථිකයට සහනයක්. සමහරවිට  සමහර තැන්  මඟ හැරෙන්න පුළුවන්. නමුත් රැකියාවක් කිරීම අත්‍යවශ්‍යයි. මේ සෑම දෙයක්ම සමබරව  කරගෙන යනවා නම් ජීවිතය සාර්ථකව ගතකර ගත හැකියි. ජීවිතය පහසු නෑ. අපිට අවශ්‍ය විදියට සෑම දෙයක්ම ලැබෙන්නෙ නැහැ. ඒ සෑම දෙයක් සමගම ඉදිරියට යන්නයි උත්සාහ කරන්නේ.

  • ඔබ මෙතෙක් ආපු දුර ගැන මොකද හිතෙන්නේ

ඒ ගැන ගොඩක් සතුටුයි. මේක මම තනියම ආපු ගමනක් නෙමෙයි. හැමදාම වගේ මගේ පවුලේ අය මාත් සමග සිටියා. ඔවුන් කවදාවත් මාව අතහැරියේ නෑ. අතහරින්නෙත් නෑ. මේ වගේ පවුලක් ලැබීම ගැන මම ගොඩක් වාසනාවන්තයි. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ. ඔවුනුත්   මාව අත් නොහැර මාත් සමගම සිටියා. ඒ වගේම  ක්ෂේත්‍රයේ සියලුම අයත්  මා සමග සිටියා.  මේ සෑම කෙනෙක්ම මා සමග සිටීම මගේ ජයග්‍රහණයක්.

 Pic  : indika mallawarachchi

First Energy සමාගමට සම්මාන දෙකක් Read Previous

First Energy සමාගමට සම්මාන දෙකක්

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක් Read Next

දරුවෙකුට “මම සුරක්ෂිතයි” කියා දැනෙන රටක්

Realted Post

Leave a comment