UNSCR1325 පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සහ සන්නද්ධ ගැටුම්වලින් ළමයින්ට වන බලපෑම

සන්නද්ධ ගැටුම් තත්වයන්හි ළමුන් සඳහා වන විශ්වවිද්‍යාල ජාලය (Universities Network for Children in Armed Conflict) සහ “S. Pio V” දේශපාලන අධ්‍යයන ආයතනය (Institute of Political Studies “S. Pio V”), ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශයේ සහාය ඇතිව UNSCR1325 හි ජාතික ක්‍රියාකාරී සැලසුම් (National Action Plans - NAP) සහ සන්නද්ධ ගැටුම්වලින් ළමයින්ට වන බලපෑම: ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ජාලය පිළිබඳ අධ්‍යයනය සහ විශ්ලේෂණය යන ව්‍යාපෘතියේ රාමුව තුළ සම්මන්ත්‍රණයක් සංවිධානය කර ඇත. සන්නද්ධ ගැටුම් තත්ත්වයන් මගින් ළමයින්ට එරෙහිව සිදුවන බරපතල උල්ලංඝනයන් පිළිබඳ භූගෝලීය ප්‍රදේශ මත පදනම්වූ ගුණාත්මක හා ප්‍රමාණාත්මක පර්යේෂණ සිදු කිරීම සහ තීක්‍ෂණ නිරීක්‍ෂණ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. සන්නද්ධ ගැටුමෙන් පීඩාවට පත් ළමුන්ගේ පශ්චාත්-ගැටුම් ප්‍රතිශෝධනය, පුනරුත්ථාපනය සහ නැවත සමාජගත කිරීම පිළිබඳ වටිනා විශ්ලේෂණයක් ද මෙම පර්යේෂණය මඟින් සිදු කෙරෙන අතර, UNSCR1325 විසින් ප්‍රධාන භූමිකාවක් ඉටු කළ හැකි සහ ඉටු කළ යුතු තීරණාත්මක මාවත මෙයයි.

මෙම සමුළුවේ අරමුණු පිළිබඳව ප'රූජියා විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ සමාජ විද්‍යා මහාචාර්යවරියක සහ රෝමයේ කුසානෝ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහාචාර්යවරියක වන, වියෙනාහි යුරෝපීය නීති ආයතනයේ කවුන්සිලයේ සාමාජිකාවක වන ලෝරා ගර්සියෝ මෙසේ පැවසුවාය, “NAP වලින් කෙරෙන්නේ යෝජනා අංක 1325 භාවිතයෙන්, ළමයින් මත සන්නද්ධ ගැටුම් මඟින් වන සෘජු හා වක්‍ර බලපෑම් අවම කිරීම සඳහා ගෝලීය ව්‍යාපාරයට බලපෑම් කළ හැකි සහ සහාය විය හැකි ආකාරය පිළිබඳ, ආඛ්‍යානයක් නිර්මාණය කිරීම සහ අදහස් එකතු කිරීමයි. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා, සන්නද්ධ ගැටුම්වලින් පීඩාවට පත් ළමුන් වෙත ළඟා වීමට, යෝජනා අංක 1325 පිළිබඳව එහි ස්ත්‍රීපුරුෂ සමාජභාවී දෘෂ්ටිකෝණයෙන් අවබෝධය සහ බලපෑම පුළුල් කළ යුතු අතර, යෝජනා අංක 1325හි කුළුණු හතර වන සහභාගීත්වය, රැකවරණය, නිවාරණය සහ සහනය හා ප්‍රකෘතිය හරහා තිරසාර සාමය ගොඩනැගීමේ පුළුල් වියනක් නිර්මාණය කළ යුතුය. සන්නද්ධ ගැටුම්වලින් ළමයින්ට වන බලපෑම, මෙම සාධක ගැඹුරින් හැදෑරිය යුතුය.

 සහභාගීත්වය - යෝජනා අංක 1325 යටතේ දරුවන්ගේ ආරක්ෂාව අන්‍යෝන්‍ය වශයෙන් ඇතුළත් කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාව දෘෂ්ටිකෝණයකින් සංවාදයක් නිර්මාණය කරන්නේ කෙසේද සහ ජාතික ක්‍රියාකාරී සැලසුම් මෙය පිළිබිඹු කළ යුත්තේ කෙසේද?

 ආරක්ෂාව - යෝජනා අංක 1325 වියන යටතේ සන්නද්ධ ගැටුම් වලින් ළමයින් තිරසාර ලෙස ආරක්ෂා කිරීමේ ක්‍රියා පිළිවෙළක් නිර්මාණය කිරීමට ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවන්ගේ අධිකරණ පාත්‍රතාව එක්ව ක්‍රියා කරන්නේ කෙසේද? (අභ්‍යන්තර සිවිල් යුද්ධ තත්වයන්හිදී ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම වලක්වන අධිකරණ පාත්‍රතාවක් නිර්මාණය වන බව සැලකීමේදී)

 නිවාරණය - යෝජනා අංක 1325 විසින් විසඳිය හැකි වන, සන්නද්ධ ගැටුම්වල ළමුන්ට විශේෂිත සෘජු හා වක්‍ර බලපෑම් මොනවාද?

 සහනය සහ ප්‍රකෘතිය - සන්නද්ධ ගැටුමෙන් පීඩාවට පත් ළමුන්ගේ සහනය සහ ප්‍රකෘතිය සඳහා යෝජනා අංක 1325 යෝජනාවට විසින් වඩාත් විශාල කාර්යභාරයක් ඉටු කළ හැකිද?

(මෙය බොහෝ දරුවන් අවදානමට ලක්වන තීරණාත්මක බලපෑම් ලක්ෂ්‍යයක් වන නිසා)

 වගවීම - සන්නද්ධ ගැටුම්වලින් පීඩාවට පත් වූ ළමයින්ට සහ කාන්තාවන්ට සහාය වීම සඳහා වගවීමේ පියවර වැඩිදියුණු කරන්නේ කෙසේද?

සන්නද්ධ ගැටුම් දරුවන්ට දැඩි සෘජු සහ වක්‍ර ප්‍රතිවිපාක ගෙනෙන අතර බොහෝ විට වක්‍ර ප්‍රතිවිපාකවලට අවධානය යොමු නොවන්නේ සෘජු ප්‍රතිවිපාකවල බරපතල ස්වභාවය නිසා වන්නේය. ඒවා, මරණය, තුවාල, ළමා සොල්දාදුවන් ලෙස බඳවා ගැනීම සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ලෙස පුළුල් ලෙස අර්ථ දැක්වේ. පැහැරගෙන යාම, බලහත්කාරයෙන් පවුල්වලින් ඉවත් කිරීම, නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ ළමා සොල්දාදුවන් ලෙස බඳවා ගැනීම වැනි බරපතල කම්පන හේතුවෙන් සන්නද්ධ ගැටුමේදී ළමයින්ට සිදු වන වක්‍ර හානියේ දරුණු ප්‍රතිවිපාක මෙම දරුවන්ට දිගුකාලීන බලපෑමක් ඇති කරයි. මීට අමතරව, මෙම දරුවන්ට අධ්‍යාපනය, නවාතැන් පහසුකම් සහ සාරවත් හා පරිපූර්ණ ජීවිතයක් ගොඩනැගීමේ මූලික අයිතිවාසිකම් ද අහිමි වේ.

මෙම ව්‍යාපෘතියට ඉතාලියානු ඡායාරූප වාර්තාකරුවන් දෙදෙනෙකු වන මාර්සියා ෆෙරෝන් සහ විටෝරියෝ අලොන්සෝ විසින් ග්‍රහණය කළ සන්නද්ධ ගැටුම් සහ පශ්චාත් ගැටුම් අවස්ථාවන්හි ජීවත් වන ළමුන්ගේ තත්ත්වය පිළිබඳ වීඩියෝ සහ ඡායාරූප ප්‍රදර්ශනයක් ද ඇතුළත් වේ. යෝජනා අංක 1325ට අනුකූල IV ඉතාලි ක්‍රියාකාරී සැලැස්මට සාපේක්‍ෂව, තෝරාගත් ආසියානු රටවල NAP හි සංසන්දනාත්මක විශ්ලේෂණයක් ගොඩනැගීමට මෙම සමුළුව අවස්ථාව සලසා දෙයි.

දවස් 7ම, 24පැයේම බඩ ඉල්ලන රසයට Blooming Breakfast Read Previous

දවස් 7ම, 24පැයේම බඩ ඉල්ලන රසයට Blooming Breakfast

සිරිකත Fashion Read Next

සිරිකත Fashion

Realted Post

Leave a comment