පිබිදෙන මල් කැකුළු වලට අහස සිසාරා පියඹන්නට තටු දිය යුත්තේ නුඹයි...

ලෝක ළමා දිනය මෙන්ම වැඩිහිටි දිනයද ඔක්තෝබර් මාසයේ පළමු වැනි දා දිනය  යෙදී තිබේ.  අද දරුවා හෙට ලෝකේ නායකයා බවට පත්වෙන නිසාම දරුවා යන්න සුවිශේෂී භූමිකාවක් බව අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණක්.

ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා වරක් පවසා තිබෙන්නේ දරුවා යනු වැඩිහිටියන් කුඩා කරන ලද ආකෘතියක් නොවන බවයි. දරුවගේ මනස ඉතා පිරිසුදු පැහැදිලියි සුන්දරයි.

පුංචි ළමයි මල් වගේ යන කියමන වඩාත් එලෙස කීම සුදුසු වන්නේ ඒ නිසා විය යුතුයි. රුසියාවේ නායක ලෙනින් වරක් පවසා ඇත්තේ දරුවන්ට දිය  යුත්තේ හොඳම දෙය බවයි. 

චීනයේ මා ඕ සේතුං කියා තියෙන්නේ ලෝකේ තියෙන උත්තම චරිතය දරුවා බවයි.

දරුවා යන සුවිශේෂී චරිතයක් වීම හේතුවෙන් වර්තමානයේ ලබා දෙන ආදරය රැකවරණය අනාගතයේ දී පූර්ණ පෞරුෂයකින් යුක්ත දරුවකු නිර්මාණය කිරීමට අවශ්‍ය පෞරුෂය මෙන්ම පදනම නිර්මාණය කරනවා. 

ඒ නිසාම ළමා දිනය මුල් කර ගනිමින් අපි දරුවො ගැන බොහෝ දේ කතා බහ කරමින් කතිකාවක් ගොඩ නගනවා. වර්තමානය වන විට ළමා පරපුර පිළිබඳව කතිකාවක් නිර්මාණය කිරීමේ දී සමාජ වපසරිය අලලා බොහෝ සාමාජික කාරණාවන් ඉස්මතු කරමින් බොහොමයක් පැතිකඩයන් ඔස්සේ සාකච්ඡාවන් දියත් කළ හැකිය.

ළමයා යන්න කවුරුත් යනවග පිළිබඳව නිසි අවබෝධයකින් යුක්ත වූ සමාජයක් වර්තමානයේ දක්නට ලැබේ. බොහෝවිට ළමා අපචාර දූෂණයන් අද්‍යතනය වන විට සමාජය පුරා වෛරසයක් මෙන් ව්‍යාප්තව පවතී. විශේෂයෙන්ම එවැනි කාරණාවන් මාධ්‍ය මෙන්ම සමාජය තුළ ද අත් දකින්නට අසන්නට ලැබෙන්නේ තවත් වැඩිහිටියෙකුගේ නොමනා ක්‍රියාකාරකම් හේතුවෙනි. 

එවැනි කාරණාවන් හේතුවෙන් කුඩා දරුවාගේ මනස දැඩි ලෙස විකෘති භාවයට පත්විය හැකිය, දරුවාගේ අනාගතය අඳුරු විය හැකිය, යන්න බොහෝ පුද්ගලයින්න් විසින් විවිධාකාරයෙන් සාකච්ඡාවන් සමාජය තුල නිර්මාණය කළද ඒවාට පිළියම් නිර්මාණය වී ඇතිද යන්න පිළිබඳව ප්‍රශ්න නැගිය යුතු කාලයක් එළඹ ඇත. 

ළමයා හට නිසි මගපෙන්වීම තම පවුල තුළින් ම තම පවුලේ වැඩිහිටියන් තුළින්ම ඉටුවිය යුතු කාරණාවකි. සෑම මවක් පියෙක් විසින්ම තම දරුවා හට නිසි වයසට එළඹෙත්ම අදාල  සාමාජීය කාරණාවන් මෙන්ම පෞද්ගලිකත්වය ලිංගිකත්වය වැනි කාරණාවන් පිළිබඳව නිසි අවබෝධයකින් යුක්තව තම දරුවාට පැහැදිලි කර දීම අනිවාර්ය කරුණකි.

එවැනි දරුවන් සමාජය තුළ ජීවත් වන්නේ පුද්ගල අවබෝධයකින්  සහ සමාජයීය කාරණාවන් පිළිබඳව දැනුමක් සහිතවය. එවිට එවැනි දරුවන් හට විවිධ නොමනා වූ පුද්ගලයින්ගෙන් නොමනා ක්‍රියාකාරකම්වලින් දුරස් වී ජීවත්වීමට සුදුසු මනසක් නිර්මාණය කරයි. 

දරුවාට සුදුසු අනාගතයක් නිර්මාණය කිරීමේ ප්‍රබල වගකීමක් වැඩිහිටියන් සතු වේ. මවගේ කුසෙන් එළියට පැමිණි දරුවා තුළ දක්නට ලැබෙන්නේ පිරිසුදු මානසිකත්වයකි. එම පිරිසුදු මානසිකත්වයකින් යුක්ත මනස විවිධාකාරයේ අපිරිසිදු හැඟීම්, දූෂිත ක්‍රියා ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය භාවිතය වැනි දෑ හේතුවෙන් විනාශයට පත් වුවහොත් එය ගොඩගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. 

දරුවන් යන්න රැකගත යුතු භූමිකාවකි. නිසි  අනාගතයකට යහපත් මානසිකත්වයෙන් යුක්ත පෞරුෂවත් පුද්ගලයකු ලෙස දරුවා සමාජයට දායාද කිරීම සඳහා වැඩිහිටියන් සතුව වගකීම් රාශියක් නිර්මාණය වී ඇත. 

සටහන - කසුනි විජේසිංහ

සිරිකත Fashion Read Previous

සිරිකත Fashion

හදිසියක් නැහැ..... හෙමින් යනවා ....  සුප්පා දෙවිය ..  අභිලාෂි Read Next

හදිසියක් නැහැ..... හෙමින් යනවා .... සුප්පා දෙවිය .. අභිලාෂි

Realted Post

Leave a comment