”දන්නෝ බුදුන්ගේ...” ජාතික උරුමයක් වෙයි

 

 

විශ්වනාත් ලව්ජි මහතා විසින් තනු නිර්මාණය කළ, ජෝන් දසිල්වා   ශූරීන්  විසින්   1903   වසරේ   ”සිරිසඟබෝ”   නාට්‍යයටරචනා කළ ඉතා ජනප‍්‍රිය ගීතයක් වූ ”දන්නෝ බුදුන්ගේ...ශ්‍රීධර්ම ස්කන්දා” ගීතය මෙරට පැරණිතම බෞද්ධ ගීයක් සේ  සැලකේ. ඒ අනුව මෙම  ගීතය   ජාතික   උරුමයක්   බවට  පත්කිරීමට   කැබිනට්අනුමැතිය   හිමිවී   ඇති   බව   මාධ්‍ය   ප‍්‍රකාශක,   අමාත්‍යආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

එය   යෝජනා   කර   ඇත්තේ   පළාත්   සභා,   පළාත්   පාලන,ස්වදේශ   කටයුතු,   රාජ්‍ය   පරිපාලන   අමාත්‍යවරයා   ද   වන   අග‍්‍රාමාත්‍ය   දිනේෂ්   ගුණවර්ධන   මහතා   විසිනි.   මෙම   ගීතය ජාත්‍යන්තරවත්   ඉතා   පිළිගැනීමකට   ලක්වූ   ගීතයක්   බවත්,   එයසංස්කෘතික   වටිනාකම   නිසා   ජාතික   ගීය   හාසමාන   ගරුබුහුමන්   ලැබූ   ගීතයක්   බවත්   ආචාර්යබන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නයනා උදයංගනී   

 

කොත්මලේ බස් අනතුරෙන් මියගිය අයෙක් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 10ක් Read Previous

කොත්මලේ බස් අනතුරෙන් මියගිය අයෙක් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 10ක්

ඉන්දියාව සහ පාකිස්තානය අතර එළැඹි සටන් විරාමය එකඟතාව ජනපති අගයයි Read Next

ඉන්දියාව සහ පාකිස්තානය අතර එළැඹි සටන් විරාමය එකඟතාව ජනපති අගයයි

Realted Post

Leave a comment