නින්දෙදි ඇහැරවලා ලිංගිකව එකතුවෙන එක මාරම මානසික වදයක්

මම සහ Husband එක ගෙදරක තනියම ජීවත් වෙන්නෙ, අපි විවාහ වෙලා දැන් අවුරුදු දෙකක් විතර, මේ අවුරුදු දෙක පුරාම මට අධිකව තරහා යන දෙයක් මගේ Husband අතින් සිදු වෙනවා.  ඒක තමයි මට නින්ද ගියාට පස්සේ තමයි එයා ඇවිල්ලා මමත් එක්ක ලිංගිකව එකතුවෙන්නේ, ඒක මට හරිම වදයක්. මම එයාට හැමදාම කියනවා ඔය වැඩේ මට නින්ද යන්න කලින් අපි කරමු කියලා, මාව නින්දෙදි ඇහැරවන්න එපා. ඒක මට ලොකු තරහක් එන දෙයක්.

පිරිමි සිතනවා ගැහැනු අයටත් එසේ බව, තමන්ට අවශ්‍ය වන හැම මොහොතකම  ගැහැනු අයත් ඒ සඳහා සූදානමින් සිටින බව හෝ සිටිය යුතු බව.
නමුත් එය එසේ නොවන බව පැවැසිය යුතුයි.
සමහර වෙලාවට පිරිමියාට ඇති බය පක්ෂපාතී බව හැරෙන්න වෙන කිසිම හේතුවක් ඔහු සමඟ ලිංගිකව එකතු වෙන්න කාන්තාවකට නැති වෙන්න පුළුවන්. නමුත් ඒ බය පක්ෂපාතී කම නිසා ලිංගික කටයුතු වල නිරත වීම ඇයව මානසිකව තෘප්තිමත් කරන්නේ නැහැ වගේම ඔවුන් මානසික ආතතියට පත් වීමට ඒක හේතු වෙන්න පුලුවන්.


නමුත් අද වෙනකම් ඒක වෙනස් කරගෙන නැහැ.
එයා ඒ වැඩේ කරන්න දුන්නේ නැති වුණාම මමත් එක්ක රණ්ඩු කරලා මට බැණලා අනික් පැත්ත හැරිලා නිදා ගන්නවා.
නැත්නම් බලෙන් කරනවා, එතකොට මම ලොකු වේදනාවක් විඳිනවා.
එතකොට පාන්දර වෙද්දී මම ආසයි Husband එක්ක තුරුලු වෙලා ඉන්න, මම එයාගේ තුරුලට යනවා, හැබැයි එතකොට එයා කරන්නේ රෑ මම එයාට කරපු දේ ගැන කියලා මට බැණලා මාව පැත්තකට තල්ලු කරලා දාලා අනෙක් පැත්තට හැරිලා නිදා ගන්න එක.
එතකොට මට ලොකු හිතට දුකක් ඇති වෙනවා, ඇත්තටම මම මගේ විවාහය ලිංගික ජීවිතය ගැන Husband ගැන ලොකු කලකිරීමක ඉන්නෙ.
මොකක්ද මේ ජීවිතය කියලා හිතෙනවා වෙලාවකට, උපදේශනය සඳහා යොමු වූ කාන්තාවක් පැවැසූ කතාවක් මේ.
පිරිමි සහ ගැහැනු අයගේ නොගැළපීම් අතර තියන ප්‍රධාන නොගැළපීමක් තමයි සමහරවිට ලිංගිකව ඔවුනොවුන් තුළ පවතින නොගැළපීම්.
විවාහ ජීවිතය තුළ එකිනෙකා අසාර්ථක වෙන්න මේක බොහෝ දුරට බලපානවා.
සාමාන්‍යයෙන් කාන්තාවක් සහ පිරිමියකුගේ ලිංගික හැඟීම් දැනීම් ඇති වීමේ චක්‍රයක් පවතින බව පැහැදිලියි.
මනෝ විද්‍යාවට අනුව පිරිමි ගැන කතා කරද්දී බොහෝ වෙලාවට පිරිමි කෙනෙක්ට පුළුවන් ඕනෑම වෙලාවක ආයාසයක් දරලා හෝ ආයාසයක් නැතුව ලිංගික හැඟීම් ඇති කර ගන්න . ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක තමන් කැමැති ඕනෑම කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න.
නමුත් කාන්තාවකට එය එසේ නොවේ. ඔවුන්ට ඒ ගැන හිතන්න ගොඩාක්ම දේවල් තිබෙනවා.
ඇයට ලිංගික ආශාවන් ඇති වීම පිරිමි අයට වඩා ගොඩාක්ම වෙනස් වෙන අවස්ථා තියනවා. සමහරවිට ඔවුන් නොසිතන වෙලාවල් තුළ පවා එහෙම වෙන්න පුළුවන්. නමුත් විවිධ හේතු නිසා ඔවුන් ඒවා දැඩිව පාලනය කර ගන්න අවස්ථා තියෙනවා.
සමහර අය ඉන්නවා ගැබ් ගෙන සිටින කාලයේ අධිකව ඒ ආශාව ඇති වෙනවා.
සමහර අයට ගැබ් ගෙන සිටින කාලයේදී ඒ ආශාවන් සම්පූර්ණයෙන් නැති වී යනවා.
නමුත් පිරිමි කෙනෙක් සාමාන්‍යයෙන් ලිංගිකව නීරෝගී වන හැම අවස්ථාවකම ලිංගිකව සක්‍රීයයි. ඔහුට අවශ්‍ය නම් එම ආශාවන් ආයාසයක් දරලා ඇති කර ගන්නත් පුළුවන්, සහ එයින් ලිංගික තෘප්තිමත් බව ලබන්නත් පුළුවන්. එය ඔවුන්ට පීඩාවක් වෙන්නෙ නැහැ බොහෝ වෙලාවට.
නමුත් සමහර පිරිමි සිතනවා ගැහැනු අයටත් එසේ බව, තමන්ට අවශ්‍ය වන හැම මොහොතකම  ගැහැනු අයත් ඒ සඳහා සූදානමින් සිටින බව හෝ සිටිය යුතු බව.
නමුත් එය එසේ නොවන බව පැවැසිය යුතුයි.
සමහර වෙලාවට පිරිමියාට ඇති බය පක්ෂපාතී බව හැරෙන්න වෙන කිසිම හේතුවක් ඔහු සමඟ ලිංගිකව එකතු වෙන්න කාන්තාවකට නැති වෙන්න පුළුවන්. නමුත් ඒ බය පක්ෂපාතී කම නිසා ලිංගික කටයුතු වල නිරත වීම ඇයව මානසිකව තෘප්තිමත් කරන්නේ නැහැ වගේම ඔවුන් මානසික ආතතියට පත් වීමට ඒක හේතු වෙන්න පුළුවන්.
ලිංගික හැඟීම් ඇති වන ආකාරය පිළිබඳව වන චක්‍රය හඳුනා ගන්න, විශේෂයෙන් කාන්තාවක් නම් ඒ පිළිබඳව අවබෝධ කර ගන්න. ඒ වගේම තමන්ගේ සැමියා එක්ක ඒ පිළිබඳව කතා කරන්න. සාකච්ඡා කරන්න. ඔහුට ඒ ගැන කියන්න.ඒකට ලැජ්ජා වෙන්න හෝ වෙනත් වැරදි අදහසක් ගන්න අවශ්‍ය නැහැ.
ඒ වගේම තමන්ගේ බිරිඳගේ ලිංගික චක්‍රය හැඟීම් සහ ඒවා තෘප්තිමත් කර ගැනීමට ඇය කැමැති අවස්ථාවන් වෙලාවන් පිළිබඳව දැනුවත් වෙන්න ඒ ගැන ඇයගෙන් විමසා සිටින්න,
මොකද ගැහැනු කැමැති තමන්ගේ අවශ්‍යතා සහ විධිය තේරුම් ගන්න පිරිමින්ට, තමන්ගේ ආසාවන් තේරුම් ගන්න පිරිමි අයට,
ඔවුන් ලිංගිකව එකතු වීම දැඩිව ප්‍රතික්ෂේප කරනවා නම් ඒකට හේතුව හොඳින් හොයලා බලන්න,  සමහරවිට  ඒ ලිංගිකත්වය සඳහා ඇති අකමැත්ත නෙවෙයි ඒ වෙලාවෙදී ඒක කරන්න අකමැති නිසා වෙන්න පුළුවන්.
සමහර වෙලාවට බොහෝ පිරිමි අය විශ්වාස කරන දෙයක් තමයි ගැහැනියට sex ඕන නැහැ එයාලා ඒකට වැඩිය ආසා නැහැ, ඒ අය ඉන්නෙ අපිට ඒක කරන්න කියන අදහසක්.
මේක වැරදි සහ මිත්‍යා මතයක්.
එහෙම නෙවෙයි ඇත්තටම ගැහැනු sex වලට ගොඩාක්ම ආස වෙන්න පුළුවන්. හැබැයි එයාලා ඒක විඳින්න කැමැති විදියක් තියනවා. ඒ විදියට කරලා බලන්න. ගැහැනු සහ පිරිමි අයගේ ලිංගික හැඟීම් ඇති වීම පිළිබඳව ලස්සන කතාවක් තියනවා.
ගැහැනු හරියට ලිංගිකත්වයේදී දර පෝරණු වගේ. අවුළුවා ගන්න අපහසුයි. අවුළුවා ගත්තට පස්සේ නිවා ගන්න අමාරුයි. පිරිමි අවන් එකක් වගේ. ඉක්මනින් රත් වෙලා ඉක්මනින් නිවිලා යනවා.

 

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට Read Previous

ප්‍රථම වරට ලංකාවේ සමාගමක් පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදනයට

පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදන  කර්මාන්තශාලාවක්  පල්ලේකැලේ  ආරම්භ  කිරීමට පියවර Read Next

පිළිකා රෝගය සඳහා භාවිතයට ගන්නා ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පල්ලේකැලේ ආරම්භ කිරීමට පියවර

Realted Post

Leave a comment