කාටත් ලස්සන White Fashion

 

ඔබ සුදු වර්ණයේ ජම්ප් සූට් එකක් අඳිනවා නම් එහි පෙනුම සහ හැඩය පිළිබඳව සැලකිලිමත්වීම වැදගත්. ඉතාම සරල ජම්ප් සූට් එකක් වුවත් හොඳින් හැඩ සහිතව මසා තිබීම වැදගත්.

කාලෙන් කාලෙට විවිධ අවස්ථාවන්ට අනුකූලව විලාසිතා වෙනස් වෙනවා. මේ ගෙවෙමින් තිබෙන්නේ වෙසක් මාසය නිසා වැඩිපුරම මේ දිනවලදී අපට දකින්නට ලැබෙන්නේ සුදු පැහැති ඇ`දුම් විලාසිතා. කෙසේ නමුත් අද වන විට සුදු පැහැති ඇඳුම් විලාසිතා සඳහා වෙනම වටිනාකමක් සහ වැදගත් කමක් ඇතිවී තිබීමද නොරහසක්. ඒ නිසාම මේ වර්ණය ඉතාම චාම් අවස්ථාවක සිට මංගල උත්සව හෝ වෙනත් වැදගත් අවස්ථා සඳහාද ගළපා ගන්නවා. ඉතින් මේ කාලයේ සුදු පැහැති ඇදුම් විලාසිතා සඳහා ඉහළ ජනප‍්‍රියත්වයක් තිබෙන නිසාම විලාසිතාවක් විදියට සුදු ඇඳුම් අඳින විදිහ ගැනයි මේ කතාබහ.

White midi shirt dress tlla mules නමින් හඳුන්වන ඉදිරිපස වැසුණු පාවහන් සමග ගළපා ගන්න පුළුවනි. මෙමඟින් වෙනස් වගේම චාම් පෙනුමක් ලැබෙනවා. තවත් පෙනුම වැඩි කර ගැනීම සඳහා ගෝල්ඞ් හෝ සිල්වර් වර්ණ ඔරලෝසුවක් හෝ සරල බ්‍රේස්ලට් සමග මුතු ඇට හැඩයේ සරල කුඩා කරාබු යුගලයක් මෙවැනි ඇදුමක් සඳහා පලඳින්න පුළුවනි.

 

සුදු කලිසමට කුර්තා ටොප්

ෆ්ලෙයාඞ් හෝ ලූස් සුදු වර්ණ කලිසම් සමග අපට විවිධ වර්ගයේ ටොප්ස් ගළපාගන්න පුළුවනි. චාම් අවස්ථාවකට වඩාත්ම සුදුසු කුර්තා ටොප් එකක්. මේ සමග ෆ්ලැට් චාම් සෙරෙප්පු හෝ ඉදිරිපස වැසුණු jutti නමින් හඳුන්වන සෙරෙප්පු භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම wedges සෙරෙප්පු වුවත් මේ සඳහා වඩාත් සුදුසුයි. ඔබ දිග කුර්තා එකක් අඳිනවා නම් යටට ලෙගින් එකක් වගේම සායක් ගළපාගන්නත් පුළුවන්.

 

කට්ලෝන් ගවුම්

සරල වගේම වැදගත් වෙනස් පෙනුමක් ගන්න සුදුසුම රෙදි වර්ගයක් තමයි eyelet lace. අපි කට්ලෝන් නමින් හඳුන්වන්නෙත් මේ වර්ගය යි. මේ රෙදි වර්ගයෙන් මැසූ සරල ගවුමක් ඕනෑම අවස්ථාවකට ඉතාම සුදුසුයි. ඔබට පෙනුම වැඩි කර ගැනීමට අවශ්‍ය නම් බෙල්ට් එකක් වුවද පින්තූරවල පෙනෙන ආකාරයට පාචිච්චි කරන්න පුළුවන්. මේ සඳහා කලින් සඳහන් කළ mules වගේම සිහින් පටි සහිත තොන්ග් හැඩයේ පාවහන්ද වඩාත් ආකර්ෂණීය යි. ඔබ ටිකක් උසස් තැනකට මෙය අඳිනවා නම් ට‍්‍රාන්ස්පේරන්ට් අඩිය සහිත හීල්ස් වුවත් නියුඞ් වැනි වර්ණයකින් පාවිච්චි කරන්න පුළුවනි.

 

ජම්ප් සූට්

ජම්ප් සූට් ඔබේ ඇඳුම් එකතුවේ තිබිය යුතුම විලාසිතාවක්. ඔබ සුදු වර්ණයේ ජම්ප් සූට් එකක් අඳිනවා නම් එහි පෙනුම සහ හැඩය පිළිබඳව සැලකිලිමත්වීම වැදගත්. ඉතාම සරල ජම්ප්සූට් එකක් වුවත් හොඳින් හැඩ සහිතව මසා තිබීම වැදගත්. ඒ වගේම ඔබ මෙය අඳින්නේ උත්සව අවස්ථාවක් වැනි දේකට නම් සරල නමුත් වැඩි පෙනුමක් ලබා දෙන පෙනුමක් සහිත ජම්ප්සූට් එකක් ඇඳිය යුතුයි.

 

තට්ටු ගවුම්

සුදු පැහැති පොඩි රමකෛැි වගේම තට්ටු සහිත ගවුම් විලාසිතා තෝරාගැනීමටත් පුළුවන්. සුදු ගවුම් හැඩ කරගන්න සුදුසුම ක‍්‍රමයක් වන්නේ ර්එඒබ නමින් හඳුන්වන බෑග් විලාසිතාව එක්කර ගැනීමයි. මේවා සාමාන්‍ය ගමනකටද වඩාත් සුදුසුයි.


නයනා පුස්සැල්ලගේ

 

 

නිරූපණයටත් කැමති කථිකාචාර්යවරිය  - Avishki Perera Read Previous

නිරූපණයටත් කැමති කථිකාචාර්යවරිය - Avishki Perera

දීඝවාපිය සෑ ගර් භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය Read Next

දීඝවාපිය සෑ ගර් භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය

Realted Post

SIRIKATHA FASHION

SIRIKATHA FASHION

SIRIKATHA FASHION

SIRIKATHA FASHION

SIRIKATHA FASHION

SIRIKATHA FASHION

Leave a comment