අපායෙන් මිදී නීතිවේදිනියක වුණු Awele Ideal

යේෂා ෆර්නෑන්ඩු



කාලෙකට පස්සේ අද යකඩ රෝස තුළිින් ඔබ හමුවට ගෙන එනවා ඔබ ඇතැම් විට තවමත් ඒ හැටි නොදන්නවා විය හැකි එහෙත් අතිශයින් ශක්තිමත්, ඔබට මට සිතීමට වත් නොහැකි දුක් ගොන්නක් දරාගෙන විත් අද ජයග‍්‍රහණයේ හිණි පෙත්තේ සිටින යකඩ රෝස මලක් ගැන කතාවක්. 
ඇය නයිජීරියානු ජාතික නීතිවේදිනියක් වන Awele Ideal. සැබවින්ම කළු රෝස මලක් වන ඇය එතරම්ම ශක්තිමත්. අද නීතිවේදිනියක වුවද, පෙරදා නිවසේ සුනඛයාටත් අන්ත සැලකුම් ලැබූ ඇය පසුගියදා සිය ජීවිත කතාව ඔඅසඑඑැර ගත කිරීමත් සමග එය ලොව පුරා ඇසුරු සැණෙකින් මිලියන ගණනකගේ දෙනෙත් තෙමනු ලැබුවා. ඇය මෙලෙස සිය ජීවිත කතාව ලොවට හෙළි කරනු ලැබුවේ අනාථ දරුවන් යනු නොහික්මුණු පිරිසක් බවට පසුගියදා එරට ඇති වූ කතා බහකට විරුද්ධව අදහස් දැක්වීම උදෙසායි.

 

මේ ඇය කියනා ඇයගේ කතාවයි...
මගේ අම්මා මා අත්හැර දමා යනු ලැබුවේ මට මාස 7 වත් සම්පුර්ණ නොවූ අවධියකයි. එතැන් පටන් පියා හා කුඩම්මා සමග ජීවත් වූ මගේ දිවිය සැබවින්ම මා දෙවියන්ගෙන් ලැබූ ද`ඩුවමක් බඳුයි. කවදා කොහේදී කළ වරදකටදැයි නොදන්නා මුත් මට හිමි වූ ඒ අපාසහගත ජීවිතය මෙලොව කිසිදු ළමයෙකු නොව සතෙකුවත් විඳිය නොයුතුයි. කුඩම්මා මා දින ගණන් කුසගින්නේ තැබූ අතර වහල් ජීවියෙකුගෙන් මෙන් මගෙන් නොනවත්වා ගෙදර සියලූ මෙහෙකාරකම් සිදු කරගනු ලැබිණි.
සාද දිනවලදීද කුසට නිසි අහරක් නොලැබූ මා මධ්‍යම රාත‍්‍රිය තෙක් පිඟන් සේදීමේ සහ අස් පස් කිරීමේ කාර්යන්හි යොදවන ලදී. මා හාමතේ මියැදීම ඇයගේ අභිප‍්‍රාය වූවා විය හැක. එවකට මා සිටියේද ජීවිතයට වඩා මරණය යෙහෙකැයි සිතමිනි. එහෙත් මරණය නොපැමිණියේය. ඉතින් නොමැරී දිවි රැුක  ගැනීම උදෙසාත්, අධික හාමත නිසාත් මා අප නිවසේ සිටි බල්ලාට දැමු කෑම හොරෙන් කන්නට පටන් ගත් අතර දිනක් මම බල්ලාගේ ඉතුරු කෑම කනු අල්ලපු ගෙදර පිරිමි ළමයාට අසු විය.
ඔහුගේ මව එදින හවස මට ඔවුන්ගේ ගෙදරට ආරාධනා කළ අතර මම බල්ලාගේ ඉතුරු කෑම කෑ පුවත ඇත්තදැයි ඇයට දැනගැනීමට අවැසි විය. ඉතා තදින් බිය වූ මා දැන සිටි එකම කාරණය නම් මෙය දැනගත හොත් මගේ කුඩම්මා මා මරා දමන බවයි. එබැවින් එය මගේ කුඩම්මාට නොකියන ලෙස මා ඇයට ආයාචනා කරමින් හඬා වැලපුනෙමි. මා විඳිනා සැබෑ දුක් කන්දරාවත්, කුසගින්නත් හඳුනාගත් ඇය හ`ඩා වැලපෙන්නට පටන් ගත් අතර එදින සිට කුඩම්මාට හොරෙන් මට කෑම දීමට ඇය පොරොන්දු වුණා.
මෙවැනි භයානක ඇතැම් දින වල මා ලබන ද`ඩුවම් මදි යැයි සිතූ මගේ කුඩම්මා මා කලන්තය සෑදී වැටෙන තෙක් මට පහර දුන්නා. ඒත් මදි වූ අවස්ථාවන්හිදී ඇය මගේ දෙනෙත්, ගෙල, කිහිලි යට සහ යෝනියේ ගම්මිරිස් කුඩු ගලවා මගේ දෑත් සහ දෙපා බැ`ද මා දින ගණනක් වැසිකිළියේ සිර කර තැබුවා. 
එහෙත් මා අදටත් අම්මා කියන්නේ ඇයටයි, මන්ද මා දැන සිටි එකම අම්මා ඇයයි. දැන් ඇය මෙලොව නොමැති අතර, දෙවියන් ඇයගේ ආත්මය යහපත් තැනක තබන්නට ඇතැයි මම සිතමි. මගේ කුඩා විය කෙතරම් කෲර වධ බන්ධනයන්ට ලක් වුවත් මා කිසිදා කිසිවෙකුට වෛර කළේ නෑ. ආදරය සහ කරුණාව බෙදීමේ වැදගත්කම මා දැන සිටියා. එමෙන්ම මේ අපාසහගත දිවියෙන් මිදීමට ඇති එකම ක‍්‍රමය ඉගෙනුම පමණක්ම බව මා දැන  සිටියා. ඉතින් බොහෝ බාධක මැද්දේ, අධික කුසගින්නේ, තාඩන පීඩන මැද්දේ මා නීතිවේදිනියක් දක්වා ගමනක් පැමිණියා. අද මා එලෙස අසරණ වන දරුවන්ට නීතිය ඉටු කරලීමටත් ඔවුන් ඉන් මුදවා ගැනීමටත් කැපවී සිටිනවා. දරාගන්න, ශක්තිමත් වෙන්න, ආදරයම පමණක් සිතෙහි පුරවා ගන්න!
ඉතින් ඒ  යකඩ රෝස මල  Awele Ideal ඔබට දෙන පණිවිඩය එයයි. ජීවිතය අතිශය කටුක වුවත් දරාගන්න, ශක්තිමත් වෙන්න , ආදරයම පමණක් සිතෙහි පුරවා ගන්න! ඔබ දිනන දින වැඩි ඈතක නොවනු ඇත.

මකර Read Previous

මකර

කුම්භ Read Next

කුම්භ

Realted Post

Leave a comment