ඔස්ට්‍රේලියාවේ වැඩ දාන ලංකාවෙ කොල්ලෙක්

මේ ඉන්නෙ දමිත් සුරංග... අපිට හම්බ උනේ ඔස්ට්‍රේලියාවෙ ඇඩ්ලේඩ් වලදි... 
ආප්ප හදනකොට දාන වැඩ කෑලි ටික නම් මරු.. සුද්දො වගේම ලංකාවෙ අයත් ආසාවෙන් බලන් ඉන්නවා.. ඒ වගේමයි රස.. 

දමිත් මෙහෙ රෙස්ටුරන්ට් එකක් කරලා.. දැනට ඔහු ඔස්ට්‍රේලියාවෙ වෙනත් රැකියාවකුත් කරනවා.. ඒ ගමන් Events වලට යනවා මේ විදියට ආප්ප හදන්න.. ඔහුගෙ වෙනස් රටාව නිසාම ඔහුට හොද ඉල්ලුමක් තියෙනවා .. 

 මේවන විට දමිත් විවාහ වෙලා ඔස්ට්‍රේලියාවෙ පදිංචි වෙලා ඉන්නෙ..   ඇත්තටම  ආප්ප හදන්න ඒ කාලෙ ඉදලා හොදට පුලුවන් කියලයි දමිත් අපිත් එක්ක කිවුවෙ.... ඒ වගේම ආප්ප හදන්න ඔහු හරිම ආසයි කියලත් කිවුවා.... ආසාව නිසාම වෙනත් රැකියාවක් කළත් මේක ඔහු අතඇරලා නෑ... ඒ නිසාම ඔහු ඊට අවශ්‍යය බඩු මෙහෙන් ගෙනිහින් එකවර ආප්ප 20ක් විතර හදන්න පුලුවන් අවන් එකකුත් එහෙදි හදාගෙන.. 

දමිත්ගෙ කතාවෙන් ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒකයි මේක මෙහෙම ලියන්න හිතුණෙ... 

අපි ඉගෙන ගන්න දෙයක් කවදාවත් අපතේ යන්නෙ නෑ.. ඒවගේම දන්න දේට අලුත් දෙයක් එකතු කරලා ඒ තැනට අවශය විදියට වෙනස් වෙලා දෙයක් කළොත් මෙහෙ නෙමෙයි ලෝකෙ කොහේ හිටියත් අපිට ජිවිතේ දිනන්න පුලුවන්.. ඒවගේම තමන් ආස දේ ඕන තැනක කරන්න.. හැමදේම ඒ විදියට එකතු උනාම ජිවිතේ විදින්න වගේම ජිවිතේ දිනනත් හරිම ලේසියි.. 

  •  ASH - අශ්

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න. Read Previous

විග් එකක් ගන්න එන්නෙ අඩඅඩා... යනකොට යන්නෙ හිනා වෙලා... පිළිකාව කළින් හඳුනාගන්න.

කාර්යබහුල  දවස සුවපත් කරවන ඔසු පැන් Read Next

කාර්යබහුල දවස සුවපත් කරවන ඔසු පැන්

Realted Post

Leave a comment