නවීන විලාසිතා බොහෝමයකට පැරණි ඉතිහාසයක් තියනවා....

සමහර වෙලාවට පැරණි ඉතිහාස කතා සහ පුරාණ නටබුන් දෙස බලද්දි මේ වනව්ට අපි භාවිතා කරන හුඟක් ව්ලාසිතාවලට ශතවර්ෂ ගණනාවකට එහා ගිය පැරණි ඉතිහාසයයක් තියනවා කියලා හිතන්න පුලුවන්.ඒ විදියේ පැරණිතම ව්ලාසිතාවක් තමයි කාන්තා අත්බෑගය කියන්නෙත්. මේ වනවිට කාන්තාවන් අතර බහුලව දකින්න පුලුවන් අත් බෑග් විලාසිතාවක් තමයි ඉතා කුඩා හැඩලයක් සහිත අත්බෑගය..මේ විලාසිතාව අද නවීන විලාසිතාවක් වී තිබුණත් එය⁣ට පුරාණ ඉතිහාසය ක් තිබිලා තියනවා.
එයට කදිම නිදසුනක් තමයි මෙහි දැක්වෙන පින්තූරය
ක්‍රි.පූ. 883 ත් 859 ත් අතරතුරදී ඇසිරියානු රාජකීය අගනගරය වූ නිම්රුද් හි වයඹදිග දෙවන අෂූණර්ශිපාල් මාලිගයේ මහබිසව් කුටීරය අසබඩ බිතු කැටයමක දැක්වෙන මේ කාන්තා අත්බෑගය නූතන විලාසිතාවන්ට අතිශය සමාන වන බව සඳහන් වෙනවා.  මේ ඓතිහාසික සිතුවම විලාසිතාවන් යළි යළිත් ප්‍රතිනිර්මාණය කරන බවට විය හැකි කදිම නිදසුනක් බව සඳහන් කරන්න පුලුවන්.

  • නයනා උදයංගනී

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක් Read Previous

රොෂාන්ගෙන් ලබන අවුරුද්දේ වැලන්ටයින් එකට Chocolate එකක්

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි Read Next

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි

Realted Post

Leave a comment