රොමෑන්ටික් ආදරවන්තියක් වෙන්න

සදුනි ඉමල්කා.



අද කාලේ ඇතිවෙන ආදර සබදතා අතරමග නතර වෙන්න ප‍්‍රධාන හේතුව තමයි එකිනෙකාට එකිනෙකා තේරුම් නොගැනීම. ඒ වගේම ගොඩක් දෙනා කැමති නැහැ කාට වුණත් දෙවැනි වෙන්න. ආදරේ කරන කොට නම් එහෙම බැහැ. ඔබේ පෙම්වතා හැමදාම ඔබේ ළඟම තියාගන්න නම් මුලින්ම කරන්න  ඕනේ ඔහුට දැනෙන්න ආදරේ කරන එක. ඔබේ ආදරය පෙම්වතාට හො`දටම දැනෙනවා නම් ඇත්තටම ඔයා රොමෑන්ටික් කෙල්ලෙක්. තවත් සමහර අය කොච්චර ආදරේ කළත් ඒක අනිත් කෙනාට දැනෙන්නේ නැහැ. තවත් සමහර අය ඒක අනිත් කෙනාට පෙන්වන්න කැමති නැහැ. ඒ කොහොම වුණත් ඔබ පෙම්වතියක් නම් පෙම්වතාගේ ආදරය තවත් වැඩි කරගන්න මේ දේවල් ඔයාට උදවුවක් වෙයි. 


පුංචි පුංචි දේවල් මතක තියාගන්න
මේ ගුණාංගය ගැහැනු අය තුළ නම්  ඕනෑවටත් වැඩිය තියෙනවා. ගැහැනු අය හරිම දක්ෂයි පුංචි පුංචි දේවල් මතක තියාගෙන ඉන්න. පිරිමි අයට නම් පුංචි දේවල් විතරක් නෙවෙයි ලොකු දේවල් වුණත් හරිම ඉක්මනට අමතක වෙනවා. පෙම්වතාගේ බර්ත් ඬේ එක, ඇනිවසරි එක, එයා කැමතිම දේවල් මතක තියාගෙන හි`දීමෙන් එයා නොහිතන වෙලාවක ඔයාට පුළුවන් එයාව පුදුම කරවන්න. එතකොට එයාට හිතෙයි ඇත්තටම ඔයා රොමෑන්ටික් කෙල්ලෙක් කියලා.


සප‍්‍රයිස්

ගැහැනු ළමයි තමයි ගොඩක්ම සප‍්‍රයිස් වලට කැමති. වචනයෙන් නොකිව්වත් ගැහැනු ළමයින් තරමටම පිරිමි ළමයිනුත් සප‍්‍රයිස් වලට ආසයි. අපි කලින් කිව්වා වගේ බර්ත් ඬේ එකට, ඇනිවසරි එකට ඔයාට පුළුවන් එයාව සප‍්‍රයිස් කරන්න. මේකට ලොකු වියදමක් දරන්න  ඕනේ නෑ. ඔයාගේ අතින්ම හදපු තෑග්ගක් එයා නොහිතපු වෙලාවක එයාට දෙන්න පුළුවන් නම් ගොඩක් හො`දයි. ඒ වගේම එයා කැමතිම කෑමක් ඔයාගේ අතින්ම හදලා දුන්නොත් එයා ඒකටත් ගොඩක් ආස වෙයි.

 

ඔයා එයාට කොච්චර ආදරෙයි ද කියන්න
සමහර ගැහැනු ළමයි තමන්ගේ පෙම්වතාට කොච්චර ආදරේ වුණත් ඒක එයාට කියන්න කැමති නැහැ. ඒත් ඉතින් ඒ ආදරේ හිතේ තියන් හිටියා කියලා වැඩකුත් නැහැ. නිතරම එයා ළඟ ඉන්න වෙලාවට වගේම කෝල් කරන වෙලාවට, මැසේජ් කරන වෙලාවට ඔයා එයාට කොච්චර ආදරෙයි ද කියලා නිතරම කියන්න. එතකොට එයාට හිතෙයි ඔයා එයාට කොච්චර ආදරේ කරනවද කියලා.


හැදිච්චකම අනිවාර්යයෙන්ම තිබිය යුතුයි
ගැහැනු ළමයෙක් තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයක් තමයි සංවරකම. ඒ වගේම ඔබ පෙම්වතියක් වුණාට පස්සෙත් පෙම්වතාට ගරු කරන්නත් දැනගන්න  ඕනේ. එයා ළඟදී වුණත් හැසිරීමේ, කතා කිරීමේ පිළිවෙළක් තියාගන්න. කොයි වෙලාවකවත් එකට එක කියාගන්න යන්න එපා. පිරිමි ළමයි ඒකට කොහෙත්ම කැමති නැහැ. ඒ වගේම ඔහුට ලබා දිය යුතු ගෞරවය හැම තැනක දීම ලබා දෙන්න. 


අන්තර්ජාලයෙනි.

 

සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සාෆියා - ලංකාව රනින් සරසයි Read Previous

සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සාෆියා - ලංකාව රනින් සරසයි

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025 Read Next

Excellence in media and editorial contribution Lengedary Women of the Year 2025

Realted Post

Leave a comment