සියල්ලටම ඉහළින් ඔබේ ආත්ම ගෞරවය

 

ජීවිත කාලය ම එකම එක පුද්ගලයෙකු වෙනුවෙන් ආදරය කරන්න පුළුවන් නම් මිනිස්සුන්ට තනිවම වුණත් ආදරය කරන්න පුළුවන් කිසිම බලාපොරොත්තුවක් නැතිව.
ඒත් කෙනෙක් එක්ක සම්බන්ධයක ඉන්නවා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්.
මිනිස්සු ආදරයයි ආදර සම්බන්ධතාවයයි කියන්නේ දෙකක්බව තේරුම් ගන්නෙ නෑ.
අනිත් කෙනාගේ ප්‍රතිචාරයක්වත් නැතිව සම්බන්ධතාවක ඉන්න බෑ. අඩුම තරමේ සම්බන්ධයක තියන අවම සන්නිවේදනයවත් නැතිනම් ඒක පවත්වාගෙන යන්නෙ කොහොමද?
එක මනුස්සයෙක් ට විතරක් ඒක කරන්න බෑ. අනිත් කෙනාට රැඳිලා ඉන්න බැඳිලා ඉන්න අවශ්‍යතාවක් නැති නම් එතන සම්බන්ධතාවක්  කියලා දෙයක් පවත්වාගෙන යන්න බැහැ.
අවශ්‍යතාව තියන කෙනෙකුට කාර්යබහුලත්වය කියලා දෙයක් නෑ. මිනිස්සු අත්‍යවශ්‍ය දෙය කිසි දවසක මඟ හැරෙන්නට හරින්නෙ නෑ. මිනිස් මනස තදින් බැඳිලා තියන දෙය හෝ කැමති දෙය තමයි හැම තිස්සේම හොයන්නෙ.
තමන්ගේ සම්බන්ධතාව තුළ මේ කියන දේවල් නැතිනම් හොඳම දේ තමන්ගේ බැඳීමෙන් අනෙකාව නිදහස් කරන එකයි.
තමන්ට අනෙකාව ප්‍රතික්ෂේප කරන එක අපහසුතාවක් දැනෙයි. නමුත් තමන් වෙනුවෙන් වගේම අනෙකා වෙනුවෙනුත් කරන්න තියන හොඳම දේ තමයි ඒක.
මානසිකව බන්ධනයක සිරකරුවකු වෙලා තමන් වගේම අනෙක් මනුස්සයත් පීඩනයක ඉන්න එකට වඩා සමහර වෙලාවට සම්බන්ධතාවකින් නික්මෙන්න සුදුසු ම අවස්ථාවෙ එය සිදු නොකළොත් වෙන්නෙ ඇත්තටම දෙදෙනාටම තම තමන් පිරිහී යන තත්ත්වයට පත්වෙන එක.
එකිනෙකා වෙනුවෙන් තිබූ සුවදායී හැඟීම යම් මොහොතක පුපුරා යන එක.
මිනිසුන් කොයි විදිහට අපේ ජීවිතයට ගොඩවැදී ගියත් ඔවුන් නික්ම යෑමට නියමිත වෙලාවක් පැමිණෙනවා.
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එක්කෝ ස්වභාවයෙන්ම නික්ම යනවා... සදාතනික බැඳීම් සොයන අපි හැමෝටම ඒ සත්‍යයට මුහුණ දෙන්න වෙනවා.
ඒ නිසාම ඔබව අනවශ්‍යය යැයි වැටහී යන තැන්වල ඔවුන්ට ඔබෙන් ගිලිහී යාමටත් සමුගෙන යාමටත්  අවස්ථාව ලබාදෙන්න.
මොකද සියල්ලටම ඉහළින් ඔබේ ආත්ම ගෞරවය වටිනා නිසාවෙන්ම.  

 

ලෝක ගුරු දිනය නිමිත්තෙන් විශේෂ සැමරුම් Read Previous

ලෝක ගුරු දිනය නිමිත්තෙන් විශේෂ සැමරුම්

අසාර්ථක වූ මුල්ම කේක් එකෙන් ’Cakes by Rumi’ ජයගත් රුමේෂිකාගේ දිරිය කතාව Read Next

අසාර්ථක වූ මුල්ම කේක් එකෙන් ’Cakes by Rumi’ ජයගත් රුමේෂිකාගේ දිරිය කතාව

Realted Post

Leave a comment