Kitchen Tips

කුස්සියේ වැඩ පහසුකරගන්න පුංචි රහස්

උදෑසනට කඩිමුඩියේ වැඩ කටුයුතු කරගන්න වෙලාවට මේ කියන්න යන පහසුක්‍රම වැදගත්වෙන වෙලාවන් ඕනෑතරම් තිබෙනවා. මෙවැනි උපක්‍රම වැඩි වැඩියෙන් දැනගෙන සිටින තරමට ගෘහිණියන්ගේ එදිනෙදා වැඩකටයුතු වලදි කාලය ඉතිරිකරගන්න පහසුවක් වෙනවා. 

  • පියන වසා තිබෙන විටදී බත්එක, වෑංජනය උතුරන වෙලාවට මොකද කරන්නේ?

මේ අත්දැකීම් ඕනෑ තරම් අපේ ගෘහිණියන්ට ඇති. එහෙම වෙලාවට බත් එක හෝ පිසින ආහාරය උතුරන්න ආසන්න වන විට බදුනට උඩින් ලී හැන්දක් තබන්නත. නමුත් ඔබට නැවත පියන වැසීමට අවශ්ය නම් බදුනේ පියට වටා කුඩා ක්ලෝත්ස් ක්ලිප්ස් (රෙදි වියලීමට ගන්නා ප්ලාසිටික් රදවනය) තුනක් පමණ රදවාගෙන ඒ මත නැවත පියන තබන්න. එවිට වතුර උතුරා පිටතට ගලායාම වලක්වා ගන්නට පු`ඵවනි.

  • සුදුලූණුවල පොතු ඉක්මනින් ඉවත්කරගන්න

ගෙදරට රැගෙන එන සුදුලූණු වල ලොකුවට තිබෙන බික් කෑමට ගත් පසු සුදුලූණු ගෙඩියේ ඉතිරිවන පුංචි පුංචි බික්වල පොතු ඉවත් කිරීම අපහසු නිසා සමහර වෙලාවට ඒ වගේ කුඩා බික් ඉවතට දමනවා. නමුත් ඒ කුඩා බික්වල පහසුවෙන්ම පොතු ඉවත්කරගන්න නම් ඉතිරිවන කුඩා සුදුලූණු බික් සියල්ල කබලකට දමා මද ගින්දරරේ විනාඩියක් බැද ගන්න. එවිට කුඩා සුදුලූණු බික්වල පොතුටික පහසුවෙන්ම ඉවත්කර ගැනීමට පු`ඵවනි.

  • බ්ලෙන්ඩර් කිරීමෙන් පසු බ්ලෙන්ඩර් කප් එක ඉක්මනින්ම පිරිසුදු කරගන්නේ මෙහෙමයි

බීම වර්ගයක් හෝ වෙන දෙයක් බ්ලෙන්ඩර්කරගත් පසුව එහි බ්ලේඩ්තල පිරිසුදු කිරගැනීම තරමක් අපහසුයි. ඒවා ඇතුළත කෑම වර්ග රැදී තිබෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට බ්ලෙන්ඩර් කප් එක ඉක්මනින් පිරිසුදු කරගන්න එයට බාජන සේදීමට ගන්නා ලික්විඩ් ස්වල්පයක් සහ වතුර දමා නැවත බ්ලෙන්ඩ් කරන්න. එවිට ඇතුළත රැදී තිබෙන දේවල් පහසුවෙන්ම ඉවත්කරගෙන බ්ලෙන්ඩර් කප්එක ඉක්මනින්ම  පිරිසුදුකර ගැනීමට පු`ඵවනි. 

  • නයනා උදයංගනී

First Energy සමාගමට සම්මාන දෙකක් Read Previous

First Energy සමාගමට සම්මාන දෙකක්

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය Read Next

Vietjet සමාගමට Asia’s Leading Airline Brand 2026 සම්මානය

Realted Post

Leave a comment