අවසානයේ දී මම තේරුම් ගත්තා එක දෙයක්........

ආදරය නොලැබී ගිය බොහෝ තැන්වලත් මම අනෙකාට නොලද ආදරය වෙන්න උත්සාහ කළා. අනෙකා තනි වුණු හැම වෙලාවෙම මම තනි නොකරන්න වග බලා ගත්තා.
ඒත් මට තව කෙනෙක් ඕනෙම යි කියලා හිතුණු බොහොමයක් තැන්වල මම  හිටියෙ තනිවම.  ඒ වගේම තනිවෙන හැම මොහොතක ම මට දැනුනෙ ලොකු  අනාරක්ෂිත බවක්. මම හිතුවෙ මේ ලෝකෙ තියන නරකම මනෝභාවය තමයි තව කෙනෙක් නැතිව ජීවත් වෙන්න සිද්ධ වෙන එක කියලා. තනිවෙන්න සිද්ධවෙන එක කියලා. 
ඒත්......
මම ආදරය කළ අය ප්‍රේමය කියන්නේ පෙරළා බලාපොරොත්තු නොවීම බව පසක් කළා  
මාව තනි කළ මිනිස්සු තනිකම කියන්නේ බියගුලුකම නොවන වග පසක් කළා.
මම උදව් කළ මිනිස්සු මට ඔවුන් ව ඕනේමයි කියලා හිතෙන තැන්වල මා එක්ක හිටගත්තෙ නෑ.
ඒත් ඔවුන් මම නැවත ඔවුන්ගෙන්  උදව් නොඉල්ලන තැනට මාව ශක්තිමත් කළා.
අනෙක් අය මම වැටෙයි කියලා හිතෙන තැන්වලත් නොවැටී ඉන්නට තරම් ධෛර්ය සම්පන්න කළා.
අවසානයේ දී මම තේරුම් ගත්තා.....
ඇත්තටම තනිවෙන්න පුළුවන් ශක්තිමත් මිනිස්සුන්ට විතරයි කියලා. හැම කෙනෙකුට ම ඒකට හිත හයිය නෑ කියලා.
ඒ වගේම මම සුවිශේෂී කරලා රාමුවලට දාලා  පරිස්සමට මම මගේ හදවතේ බිත්තිවල එල්ලගෙන උන් මිනිස්සු  ඒවා බිඳගෙන කෑලි කරගෙන යනකොට...
මම ඉගෙන ගත්තා ජීවිතය යනු නොදැන සිටීම වගේම මම කෙතරම් වෙහෙස වුණත්‍් රැකගන්න උත්සාහ කළත් සම්බන්ධතා කියන්නේ පරිපූර්ණ කරන්න බැරි දෙයක් බව. ඒ වගේම වෙනස්වීමට මුහුණදීමට සිදුවීම ඇත්තටම සම්බන්ධතාවල යථා ස්වභාවය කියලා.


 

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක් Read Previous

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක්

ගීතයෙන් සහ රූපයෙන් රස වුණු එදා රෑ Read Next

ගීතයෙන් සහ රූපයෙන් රස වුණු එදා රෑ

Realted Post

Leave a comment