තමන්ට කවුරුත් නැහැ කියලා දැනෙන එක දරාගන්න බැරි දුකක්

තමන්ට කවුරුත් නැහැ කියලා දැනෙන එක මිනිස්සුන්ට දරන්න බැරි දුකක්. නමුත් මිනිස්සු ළං කරගෙන බලන්න ඒක මොන තරම් දුකට හේතුවක්ද කියලා.....
ඔව් මිනිස්සු විඳවන තරමක් විඳවන්නෙ ඔන්න ඔය නිසා.
මම හිතන්නේ අපි අපිට කවුරුත් නැහැ කියලා හිතන්න ඕනත් නැහැ අපිට කවුරුත් ඉන්නවා කියලා හිතන්න ඕනත් නැහැ.  ඔය දෙකම සාපේක්ෂ බව සිතීම තුළ සැනසීම ලැබිය හැකියි.
ඒ වගේම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපිට කවුරුත් වෙනුවෙන් සියයට සියයක්ම කැප වෙන්න බැරි බවත් අපි වෙනුවෙන් තවත් කෙනෙක්ට සියයට සියයට කැප විය නොහැකි බවත්.
අපි කෙනෙක් ළඟට යන්නෙත් කෙනෙක් අපි ළඟට එන්නෙත් කිසියම් හෝ අවශ්‍යතාවක් පිරි මහගන්න කියන එක අපි අවබෝධ කර ගන්න ඕනෑ.
එය කායික අවශ්‍යතාවක් වෙන්න පුළුවන් නැත්නම් මානසික අවශ්‍යතාවක් වෙන්න පුළුවන්.
ඔය මොන එක වුණත් බැඳීමක පදනම වෙන්නෙ ගනු දෙනු එහෙම නැත්නම් දෙනු ගනු. ඕක තමයි යථාර්ථය. සමහරුන්ට නොතේරෙන එක ඔහුට ඇයට පීඩාවක්මයි.
සංකල්ප සහ යථාර්ථය කියන්නේ බොහෝ වෙලාවට දෙකක් වෙන්න පුළුවන්. ඔබට ඕනෑ තරම් ලෝකය පිළිබඳව සංකල්ප ඇති  විය යුතු නොවිය යුතු දේවල් පිළිබඳව අදහස් ඇති. නමුත් ලෝකය පවතින්නේ කිසියම් රිද්මයකට. ලෝකය ගමන් කරන්නේ එයට අනන්‍යවුණු ගමනක.
ජීවිතය තුළ ඔබ බලාපොරොත්තු නොවුණ දේවල් ඔබට අත්විඳින්න සිදුවුණා නම් එහෙම  ඔබේ මනස තුළ ඇති සංකල්ප සහ සැබෑ ලෝකයේ යථාර්ථය දෙකක් වීම නිසා බව අවබෝධ කරගන්න.
හැකිතාක් ලෝකයේ ස්වභාවය තේරුම් ගන්න. එය ලබා දෙන පණිවිඩය වටහා ගන්න. ඒ තුළ නිතැතින්ම ඔබව උපේක්ෂා සහගත කරන්න කටයුතු කරාවි.  ඔබට යථා ස්වභාවය වැටහීම යනු ඔබව ශක්තිමත් වීමට පදනමයි.

 

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025 Read Previous

රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ - 2025

මහනුර සහ අවට සවස මහ වැසි..  යටිහලගල  ,හල්ඔළුව  මාර්ගවලට  ගල් පර්වත කොටස්  සහ පස් කඳු කඩා වැටෙයි.. Read Next

මහනුර සහ අවට සවස මහ වැසි.. යටිහලගල ,හල්ඔළුව මාර්ගවලට ගල් පර්වත කොටස් සහ පස් කඳු කඩා වැටෙයි..

Realted Post

Leave a comment