පබ්ලික් ටොයිලට් එකක් උනත් නිවරදිව භාවිතා කරන්න

ගොඩක් අයගෙ මතයක් තියනවා තමන්ගෙ නෙවේනෙ පොදු දේවල්නෙ. ඉතින් අපට මොකෝ.. වගේ හැගීමක්. ඉතිං පබ්ලික් ටොයිලට් පාවිච්චි කරලා, ඒක නරා වලක් කරලා තමයි එන්නෙ.

 හිතන්නෙ නැහැ තමන්ගෙන් පස්සෙ තවත් කෙනෙක් මේකර යනවනෙ  කියලා.
හරියට  යූරින් ටික කොමඩ් එක ඇතුලට දාගන්න බැරි උදවියනෙ ඉන්නෙ.
 ඒ වැඩේ කරන්නෙත් හිටගෙන. අනේ මන්දා නේද ?...

 ඉතින් හැමතැනම යූරීන්...  ඒ මදිවට ප්ලශ් කරන්නෙත් නැහැ.

තව පෑඩ් එහෙමත් හැම තැනම දානවා. ඒවගෙ පැකට් එහෙම ඩස්බින් තිබුණත් දාන්නෙ නැහැ.  කාන්තාවො විදියට ඔබ ගෙදරදි වගේම පිටතදිත් ඔබේ පිළිවෙළ රැක ගන්න

තවත් අය කකුල් හෝදන්නෙත් කොමඩ් කවර් එක එහෙම නැත්තන් සින්ක් එක උඩ තියාගෙන.

දන්නව ද?...
වොශ් රූම් එකක් කියන දේ වියලිව තියෙන්න ඕනෙ තැනක්. හරියට පාවිච්චි කරන්න දන්නෙ නැති නිසා තමයි ඒක පොකුණක් වෙන්නෙ. වොශ් කරනකොට වුණත් පරිස්සමට එළියට යන්නෙ නැති විදියට  ඒ දේ කරන්න ඕනෙ.

මේ දේවල්  පාසැල්වල  ප්‍රායෝගිකව උගන්නනවනම් ඇත්තටම  හොදයි. අපේ රටෙත් එහෙම වෙනවනම් කොච්චර  හොඳද...

 මුලින්ම තමන් හැදෙන්න ඕනෙ. එක එක්කෙනා හැදුනානම් මුලු සමාජයම නිකම්ම හැදෙනවා. ආකල්පමය වශයෙන් අපි හැමෝම වෙනස් වෙන්න ඕනේ. පිට රටින් එන හැමදේම නෙවේ, මේ වගෙ හොඳ දේවලුයි අපි ගන්න ඕනෙ. නමුත් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.

  • සටහන - සංදීපනී  මෙඩේරිගම

නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පලස්තීන  තානාපතතූමා බැහැදකී Read Previous

නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පලස්තීන තානාපතතූමා බැහැදකී

නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පලස්තීන  තානාපතතූමා බැහැදකී Read Next

නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පලස්තීන තානාපතතූමා බැහැදකී

Realted Post

Leave a comment