මහත, කෙට්ටු සිරුරු හැඩකරන Shape wair

අකමැත්තෙන් වුවත් විලාසිතා තෝරාගන්නා විටදී හිතට කැමති විලාසිතාවට වඩා ගතට ගැළපෙන විලාසිතාව තෝරාගන්න සිදුවෙනවා. නමුත් කෙට්ටු සිරුර හැඩට මහතට පෙනෙන්නත්, මහත සිරුර සිහින්ව හැඩට පෙන්වනත් යට ඇදුම් විලාසිතා ඕනෑ තරම් තිබෙන නිසා දැන් එය පසුතැවිලි වීමට හේතුවක් නම් නොවේ. කාන්තාවක් විදියට ලස්සනට ඉන්න මේ විලාසිතා මොනවද කියලා දැනගන්න ඔබත් කැමතිද?.

  • කැමති විදියට සිරුර හැඩකරන යට ඇඳුම්

පිරිපුන් පපුවක්, නිතඹක් සහ හැඩති පළල් උකුලක් තිබෙනවානම් සාරිය ගවුම කලිසම් විතරක් නොවේ, ඕනෑම විලාසිතාවකින් සිරුරට ආකර්ෂණීය පෙනුමක් ලබාදෙනවා. 
ඒ සඳහා උකුල කොටසට පමණක් පැඩඩ් යෙදූ පෑන්ටිස්, බැක් සයිඩ් එකට පැඩඩ් යෙදූ කලිසම, උකුලට සහ පිටුපස යන දෙපැත්තටම පැඩඩ් යෙදූ යට ඇදුම් විලාසිතා, උදරය තදකර සඟවන යට ඇදුම්, සහ පපු ප්රටදේශය පිරිපුන්ව පෙන්වන යට ඇදුම් වර්ග බොහෝමයක් තිබෙනවා.

  • නිතඹ උකුල සහ පිටුපස  (Back side) හැඩ කරන යට ඇඳුම්
  • පැඩඩ් පෑන්ට්

සිරුරේ පිටුපස එහෙමත් නැතිනම් බැක් සයිඩ් එක ටිකක් පෙනුමට තියනවනම් ඇඳුම් විලාසිතා වලින් මනා පෙනුමක් ලබා ගන්න පුළුවන්. බොහෝ වෙලාවට මනාලියන් හැඩගැන්වීමේදී සාරියට හොඳ හැඩ පෙනුමක් එකතු කරගන්න මේ පැඩඩ් පෑන්ට් එක පාව්ච්චි කරනවා. ඒ වගේම විවිධ උත්සව අවස්ථාවලට ඇඟට සිරවූ ගවුම් විලාසිතා වලින් සිරුරේ හැඩට හොඳින් මතු කරගන්න මේ පැඩඩ් පෑන්ට් එක අඳින්න පුළුවන්. 

  • පැඩඩ් හිප් ෂෝට්ස්

පැඩඩ් හිප් ෂෝට්ස් කියන්නෙත් තරුණියන් අතර තිබෙන ජනප්රිායම විලාසිතාවක්. ඒකට හේතුව පිරිපුන් හැඩ හිප් එකකින් උකුල හැඩය වඩාත් ඉස්මතුකර පෙන්වන නිසයි. විශේෂයෙන් හිප් එකට පැඩඩ් යොදා ඇති මේ ෂෝට් එකෙන් ඩෙනිම් කලිසම් විලාසිතාවලට අපූරු හැඩයක් එකතු කරගන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම සාරියටත් හොඳ පෙනුමක් තබා ගන්න පුළුවන්.
සමහර අවස්ථා වලදී ඇඟට තදට අඳින ඇඳුම් වලින් පෑන්ට් වල දාර ඇඳුම මතුපිටින් කැපී පෙනෙන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ නිසා එවැනි තද ඇඳුම් විලාසිතා වලදී පෑන්ට් වලට වඩා පැඩඩ් යෙදූ ෂෝට්ස් තෝරා ගැනීමටත් අමතක කරන්න එපා.

  • බූටි ලිෆ්ට් ෂෝට්ස්

තමන්ගේ සිරුරේ පිටුපස කොටස එනම් බැක් සයිඩ් එකේ මස් පිඬු එල්ලා වැටීම ලිහිල් වීම වැනි ගැටළු ඔබටත් තිබෙනවද? වයසට යෑමේදී මස්පිඩු ලිහිල්වීම සාමාන්යි දෙයක් වුනත් විලාසිතා කරන්න එය බාධාවක් කරගතයුතු නැහැ. බූටි ලිෆ්ට් ෂොට්ස් එක කියන්නේ ඒ ගැටලුවට හොඳ විසඳුමක්. එයින් පිටුපස කොටසේ මස් පිඬු ඉහලට ඔසවා තබන නිසා සිරුරේ හැඩය හොඳින් ස්මතුකර තරුණ පෙනුමක් ලබාගන්න පුළුවනි.

  • මහත ඇඟ ෂේප් කරන හයි වේස්ටඩ් පෑන්ටීස් 

ටිකක් මහත සිරුරක් තිබෙන අයට සිරුරේ අනවශ්යබ මස්පිඬු නිසා කැමති ඇඳුම් විලාසිතාවක් කරන්න අපහසුයි. නමුත් හයි වේස්ටඩ් පෑන්ට් එකකින් පහලට එල්ලා වැටෙන උදරය සහ ඉන දෙපස පස්පිඩු ඉහළට ඔසවා සඟවන නිසා ඔබට කැමති විලාසිතාවක් පහසුවෙන්ම කරන්න පුළුවනි. විශේෂයෙන් ගවුම්, ටිෂර්ට් වගේ විලාසිතා පහසුවෙන්ම කරන්නත් පුළුවන් නිසා මහත සිරුරක් තිබෙන ඔබේ ඇඳුම් අල්මාරියට හයි වේස්ටඩ් පෑන්ට් එකක් එකතු කරගන්න අමතක කරන්න එපා. 

  • උපදෙස් - මුතුහාරී අත්තනායක B.Des(Hons)                                                                               විලාසිතා නිර්මාණ වේදය සහ නිපැයුම් ප්‍රවර් ධනය පිළිබඳ උපාධිධාරී
  • සටහන නයනා උදයංගනී

කොළඹ සෘජු ගුවන් ගමන් සේවාව දියත් කිරීමට ප්‍රථම වියට්ජෙට් (Vietjet) ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස සම්මානයට පාත්‍ර වෙයි. Read Previous

කොළඹ සෘජු ගුවන් ගමන් සේවාව දියත් කිරීමට ප්‍රථම වියට්ජෙට් (Vietjet) ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානය ලෙස සම්මානයට පාත්‍ර වෙයි.

මධ්‍යම පළාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026 Read Next

මධ්‍යම පළාත් පාසැල් මලල ක්‍රීඩා තරඟාවලිය 2026

Realted Post

Leave a comment