යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

යුක්රේනයේ යුද ගැටුම් සහ රජයේ කටයුතු සම්බන්ධයෙන් පැය 24 පුරා මාධ්‍ය දැනුවත් කිරීම් සඳහා යුක්රේනය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්මාණය කර තිබෙනවා. 

මෙම ප්‍රකාශිකාව නියෝජනය කරන්නේ යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශයයි.

අවශ්‍ය තොරතුරු ලබා දුන් සැණින්, පරිගණක ඇසුරින් නිර්මාණය කළ මෙම ප්‍රකාශිකාව, සැබෑ නිල ප්‍රකාශිකාවක ලෙස,  යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය වෙනුවෙන්, මාධ්‍ය ප්‍රකාශ ලබා දීම සිදු කරයි.

AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන්, පරිගණක ආධාරයෙන් නිර්මාණය කළ තැනැත්තියක බැවින් ඕනෑම භාෂාවක් කතා කිරීමට ද ඇයට පුළුවන්. යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය වික්ටෝරියා ෂී යනුවෙන් මෙම ප්‍රකාශිකාව නම් කර තිබෙනවා.

වික්ටෝරියා ෂී නිර්මාණය කර ඇත්තේ රොසලීන් නෝබ්‍රේ නමැති යුක්රේනයේ ජනප්‍රිය ගායිකාවකගේ රූපය සහ අංග චලනයන් පරිගණකට මුසු කිරීමෙන්.

යුක්රේන විදේශ කටයුතු අමත්‍යාංශය AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් ප්‍රකාශිකාවක් නිර්මාණය කරන බව දැනගත් පසු ඒ වෙනුවෙන් තම රූපයත්, අංග චලනයත් ලබා දීමට රොසලීන් නෝබේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව ද පැවැසෙනවා.

  • සටහන - කසුනි විජේසිංහ

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින් Read Previous

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින්

අලියා අපි වගේම දුක් වෙනවා. මිනිස් අවධානය හොදින් තේරුම් ගන්නවා Read Next

අලියා අපි වගේම දුක් වෙනවා. මිනිස් අවධානය හොදින් තේරුම් ගන්නවා

Realted Post

Leave a comment