රතු ලිප්ස්ටික්වලට වුණ දේ...

තම රට වැසියන්ට අමුතු විදියේ නීති පැනැවීම සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියක් උසුළයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට,  මේ වනවිට උතුරු කොරියාවේ රතු තොල් සායම් තහනම් කිරීම ද නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇත.

රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය නීති පනවා ඇතැයි ද පැවැසෙයි. 

මෙම නීති උල්ලංඝනය කරන කාන්තාවන්ට දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇතැයි ද වාර්තා වනවා.

උතුරු කොරියාවේ ක්‍රියාත්මක වන්නේ ‘හමුදාව ප්‍රථමයෙන්’ යන සංකල්පයයි. උතුරු කොරියානු වැසියන් සියලු දෙනා ජීවත් විය යුත්තේ එකිනෙකා අතරේ කැපී නොපෙනෙන ආකාරයටය.  

රතු තොල් අලේපන ආකර්ශණය පෙන්නුම් කිරීමක් බැවින්, එය මෙසේ තහනම් කිරීමට නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇතැයි ද පැවැසෙනවා. 

  • සටහන - කසුනි විජේසිංහ

ලස්සන සිංදු 30ක් එක්ක නිර්මාණ්‍ය වුණු මැජික් එක Read Previous

ලස්සන සිංදු 30ක් එක්ක නිර්මාණ්‍ය වුණු මැජික් එක

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක් Read Next

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක්

Realted Post

Leave a comment