විශ්වසනීය හැසිරීම මත ප්‍රතිඵලය වෙනස් වේ

ඔබට ඔබ ගැන තිබෙන විශ්වාසයේ ප්‍රමාණය මත ලැබෙන ප්‍රතිඵලය වෙනස්වන බව ඔබ විශ්වාස කරනවද? සමහරවිට කරන්න බැහැ කියලා හිතෙන දේවල් වුණත් ඔබට ඔබ ගැන තිබෙන අසීමිත විශ්වාසය මත වෙනස්කරගන්න අවස්ථාව තිබෙනවා. එහෙම වෙන්නේ ඔබ ඔබව විශ්වාස කරන්න පටන් ගත්ත මොහොතේම ඔබේ හැසිරීම වෙනස් වන නිසයි. 

බාස්කට් බෝල් ක්‍රීඩාවේ දෙවියන් එහෙමත් නැතිනම් The god of basketball කිව්වොත් ඔබට මතක් වෙන්නේ කවුද? අමෙරිකානු ජාතික මයිකල් ජෝඩ්න්. ජීවිතේ දිනන්න නම් විශ්වාසය වැදගත් කියන පාඩම ඔහු මුලින්ම ඉගෙන ගන්නේ කුඩා කාලයේදී.
මයිකල් ජෝඩන් කියන්නේ අඩු ආදායම්ලාභී පවුලක ජීවත්වුණු දුප්පත් දරුවෙක්. දවසක් ඔහුගේ පියා ඔහුට පරණ ටීෂර්ට් එකක් පෙන්නලා අහනවා මේ ටීෂර්ට් එකේ වටිනාකම කීයක් විතර වෙයිද කියලා. ඔහු කියනවා මේක ඩොලර් 1ක් වගේ වටී කියලා. එහෙනම් ඔබ මට මේ ටීෂර්ට් එක ඩොලර් දෙකකට විකුණලා පෙන්නන්න. 
ඩොලරයක් පමණ වටින පරණම පරණ ඇඳුමක් ඩොලර් දෙකකට විකුණන්න පිස්සුද? මයිකල් එහෙම හිතයි කියලා ඔබ හිතුවද? නැහැ ඔහු ඒක කරන්න පුළුවන් කියලා විශ්වාස කරලා අභියෝගය භාර ගන්නවා. පොඩිකාලේ ඉදලම බැහැ කියලා අතහරින පුරුද්දක් මයිකල්ට තිබුණේ නැහැ. ඔහු මුලින්ම ටීෂර්ට් එක හොඳින් පිරිසුදු කරලා මැදලා වෙළඳපොළට රැගෙන යනවා. මුළු දවසම උත්සහකරලා අවසානයේ ඔහු ඩොලර් දෙකකට මේ ඇඳුම විකුණලා පියාට මුදල් ගෙනත් දීලා පියා සතුටට පත් කරනවා.
ඉන් දින කිහිපයකට පසු නැවතත් එවැනිම පරණ ටීෂර්ට් එකක් ලබාදී නැවතත් පළමු ප්‍රශ්නයම පියා මයිකල්ගෙන් අහනවා. මයිකලුත් පරණ පිළිතුරම ලබා දෙනවා. එසේ නම් දැන් ඔබ මට මේ ටීෂර්ට් එක ඩොලර් විස්සකට විකුණලා පෙන්නන්න. මේ මොහොතෙත් මයිකල් විශ්වාස කරනවා ඔහුට එය කරන්න පු`ඵවන් කියලා. ඔහු කරන්නේ පෙර පරිදිම ඇඳුම පිරිසුදු කිරීම. ඉන්පසු ඔහු එයට මිකී මවුස් ස්ටිකර් එකක් අලවනවා. පසුව පාසලක් ළඟට යන ඔහු එය විකුණන්න උත්සහ කරනවා. දහසක් ළමයින් අතරින් එක් දරුවෙක් තමන්ගේ පියාට ඇවිටිලි කරලා ඩොලර් 20කට මේ ඇඳුම මිලදී ගන්නවා.
මයිකල්ගේ පියා ඔහු ගැන තව තවත් සතුටු වෙනවා. ඔහු නැවතත් එවැනිම පරණ ටීෂර්ට් එකම දීලා කියනවා “ඔබ පුළුවන් නම් මේක ඩොලර් 200කට විකුණලා පෙන්වන්න” කියලා. හොඳටම පරණවුණු මේ ටීෂර්ට් එක කීයටවත් ඩොලර් 200කට විකුණන්න හිතන්නවත් බැහැ. කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. නමුත් මයිකල් එහෙම හිතුවේ නැහැ. අභියෝගය භාරගන්නවා. පෙර පරිදිම පිරිසුදු කරන
ඇඳුම අරන් ඔහු නියමිත අවස්ථාව එනතෙක් බලාහිඳ එරට ජනප්‍රිය ගායිකාවගේ ප්‍රසංගයක් අතරතුර කෙසේ හෝ ඇයගෙන් මේ ටීෂර්ට් එක මතට සමරු සටහනක් තබා ගන්නවා.
මීළඟට ඔහු එම සමරු සටහන තැබූ ඇඳුම ඇයගේ නම සඳහන් කරමින් සේල් කරන්න පටන් ගන්නවා. ජනප්‍රිය තරුවට ආදරය කළ බොහෝ දෙනෙක් ඩොලර් දෙසීය වෙනුවට පන්සීයට, දාහට මෙම ඇඳුම සඳහා ලන්සු තබනවා. අවසානයේ ඔහු ටීෂර්ට් එක ඩොලර් දෙදහසක මුදලකට විකුණන්න අවස්ථාව උදාකරගන්නවා.
තාත්ත දුන්න ඩොලර් දෙසීයේ අභියෝගය වෙනුවට ඩොලර් දෙදහසක් රැගෙන ආ මයිකල් ගැන කඳුළු පිරුණු ඇස්වලින් සතුටුවන පියා මෙහෙම කියනවා. නුඹ ළඟ විශ්වාසය තිබුණා. අනර්ඝයි. අනාගතයෙදී ඔබ ඔබට අවශ්‍ය සියල්ල ලබාගන්න කෙනෙක් බවට පත්වෙනවා. 
ඒ තමයි අදවන විට බාස්කට් බෝල් ක්‍රීඩාවේ වාර්තා පිට වාර්තා තැබූ, අලුත් දේවල් ඉගැන්වූ, පැරණි වාර්තා අලුත් කළ මයිකල් ජෝඩ්න්. ඉතින් ඔබට පුළුවන් ඔබ ගැන තිබෙන විශ්වාසයේ ප්‍රමාණය මත ලැබෙන ප්‍රතිඵලය වෙනස්වන බව මතක තබා ගන්න..
  • නයනා උදයංගනී

කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක් Read Previous

කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක්

සිරිකත සංවත්සරය වෙනුවෙන් සම්පත් දායකයින්ගේ අදහස් Read Next

සිරිකත සංවත්සරය වෙනුවෙන් සම්පත් දායකයින්ගේ අදහස්

Realted Post

Leave a comment