සමහර දේවල්වල වටිනාකම් වැඩිවෙන්නෙ

කෙනෙකුට සජීවී මලකට , ගහකට,  කොළයකට ආදරය කරන්න පුළුවන්,
 ඒ වගේම වියළී ගියපු ගහකට මලකට  කොළයකට වුණත් ආස කරන්න , ආදරය කරන්න පුළුවන්.
අපි දෙයකට  ලබා දෙන තක්සේරුව අනුව තමයි දෙයක වටිනාකම රඳා පවතින්නේ, අපිට ගොඩක්ම වටින දෙයක් තව කෙනෙකුට නොවටිනා දෙයක් වෙන්න පුළුවන්, 
ඒ වගේම අපි ලොකූ වටිනාකම් දීලා ළඟට ගන්න දේවල් පවා කාලයත් එක්කම නොවටිනා දේවල් බවට පත් වෙනවා.
ඉතින් අපිට පුළුවනිද තව කෙනෙකුගෙන් අපිට  අපේ ජීවිත වලට වටිනාකම් බලාපොරොත්තු වෙන්න? 
අපිව ගොඩක් වටිනවා කියපු අයට කාලයත් එක්කම අපේ  තියෙන වටිනාකම් අඩුවෙලා යන්න පුළුවන්, 
අපිට දුන් වටිනාකම තව කෙනෙකුට දෙන්න පුළුවන්,, අපි ආත්මීය වටිනාකම් දීලා හදවතේ පැල පදියම් කරගත්තු මිනිස්සු භෞතික වටිනාකම් ළඟ අපි දුන්නු ආත්මීය වටිනාකම පවා තුට්ටුවකට මායිම්  නොකරන්න පුළුවන්.
කෙනෙකුගෙන්  වටිනාකම් නොලැබුණා කියලා..  පෙර දුන් වටිනාකම් අඩු වුණා කියලා ...,නොවටිනා කෙනෙක් බවට පත් වුණා කියලා ... ,වේදනාවට ,දුකට  පීඩාවට  පත්වෙනවා නම් ..
මතක තියාගන්න ඒ වගේම තේරුම් ගන්න ඕනේ...
ඔබට වටිනාකම් ලබා දෙන ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක ඒ වටිනාකම නිෂේධනය කර දැමීමට  එය අවලංගු කිරීමටත් අහෝසි කර දැමීමටත් පුළුවන් කියන එක.
මොකද දෙයකට තියන තක්සේරුව අනුව නම් එහි වටිනාකම පවතින්නේ, තක්සේරුව කියන දේ මොහොතින් මොහොත වෙනස් වනවා කියන කාරණාව. ඒ වගේම  අපි තේරුම් ගන්න ඕනෑ තවත් දෙයක් තියෙනවා ඒ අපිට වටිනවා කියන  හැම දෙයක්ම ළඟට ගන්න සතු කරගන්න මිලට ගන්න ට නොහැකි  බව.
මොකද සමහර දේවල වටිනාකම වැඩියත්ම දැනෙන්නෙ ...
ඒ දේ නොලැබී යාමෙන්  අහිමිව යාමෙන්ම හෝ අහිමිව පැවතීමෙන්මයි කියන එක.

 

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි Read Previous

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින් Read Next

Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින්

Realted Post

Leave a comment