මල් විකුණලා ඉඩමක් අරන් ගෙයකුත් හැදුවා

 

ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට පවුලට ශක්තියක් වීමට ඕනෑම කාන්තාවකට අවස්ථාව තිබේ. ඒ සඳහා වයස, ගැටලුවක් නොවේ. එලෙස අත්කම් නිර්මාණවලින් ආර්ථීකය ශක්තිමත් කරගත් කාන්තාවක් ගැනයි මේ හඳන්වාදීම.  

 

කෘත්‍රිම ලෙස සකස් කළ විසිතුරු ඕකිඩ් මල් නිර්මාණ කලාව ස්වාභාවික ඕකිඩ් පඳුරක් සේ විසිතුරු ලෙස නිමවා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ඇය සමත්ව තිබේ. නමින් ඇය සෝමලතා ජයසූරිය. 


අත්කම් නිර්මාණ කලාවට හරි වෙළඳපොළක් නැහැ කියලා සිතන ඔබට, මහන්සියේ හැටියට මුදල් සොයන්න අමාරුයි කියලා හිතන ඔබට ඇය කදිම ආදර්ශයක් විය හැකියි. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී මෙවැනි ගැටලු ඕනෑම කෙනෙකුට පැන නැගෙන්න හැකියාව තිබෙන නිසා ඇයගේ අත්දැකීම් සහ අදහස් ඔබ සමග බෙදා ගැනීමට අප සිතුවා.


ගිරිඋල්ල, ඉහළ මැද්දේපොළ පදිංචි ඇය ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ කෘත්‍රිම මල් නිෂ්පාදනය පිළිබඳ වසර හතරක පුහුණුවක් ලබා ජාතික තරුණසේවා සභාවේ කෘත÷්‍රිම මල් උපදේශිකාවක් ලෙසද කටයුතු කර තිබේ. 

 


කොහොමද ඔබේ අත්කම් නිර්මාණ ව්‍යාපාරයේ ආරම්භක අවදිය?
ඕනෑම ගමනක ආරම්භය හිතන තරම්ම පහසු නැහැ. ඒ වගේම හිතන තරම්ම අපහසුත් නැහැ. යම්කිසි දේකට හැකියාව තිබුණටම මදි. පාරිභෝගිකයාගේ හිත සතුටු කරන්න හැකි භාණ්ඩයක් වෙළෙඳපොළට නිර්මාණය කරන්න ඉගෙන ගන්න ඕනෑ. ඒ නිසා තමන් කරන්න බලාපොරොත්තුවන දේ පිළිබඳ මුලින්ම හොඳ අධ්‍යයනයක් කරන්න ඕනෑ. මමත් පටන් ගත්තේ එහෙම. පස්සේ මගේම ව්‍යාපාරයක් කුඩාවට ආරම්භ කළා. ඒත් එක්ක මගේ ආර්ථිකය ටිකෙන් ටික සතුටුදායක මට්ටමකට ආවා. මා වටා හොඳ හිතවතුන් පිරිසකුත් නිර්මාණය වුණා. 

 


මේ කෘත්‍රිම ඕකිඩ් නිර්මාණයට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද?
මේ සඳහා මම යොදාගන්නේ වෙල්වට් රෙදි, ග්ලේස් කොට්න්, කම්බි, ගම්ටේප්, කෙමිෆික්ස් ගම්, සහ නූල්


ඔබේ නිෂ්පාදනවලට වෙළෙඳපොළ නිර්මාණය කරගත්තේ කොහොමද?
පාරිභෝගිකයෙක් යම් නිර්මාණයක් මිලදී ගන්නේ එහි හොඳ නිමාවක් තිබෙන විටයි. ඒ නිසා පළමු කාරණය තමයි නිර්මාණයට උසස් නිමාවක් ලබාදීම. මම මගේ නිර්මාණ ඒ විදියට නිර්මාණය කරනවා. පුංචි හරි ඇද පලුදු තිබුණොත් ඒවා වෙළෙඳපොළට යවන්නේ නැහැ. ඉවත් කරනවා. බාල කම්බි භාවිතයක් නිසා එක් වරක් මට ඒ විදියට ලොකු නිෂ්පාදන ප්‍රමාණයක් ඉවත් කරන්න සිදුවුණා. දැන් මම මගේ මේ නිර්මාණ සුපිරි වෙළඳසැල් වෙත ලබා දෙනවා. ඒවට හොඳ ඉල්ලුමක් තිබෙනවා. 

 


මේ වන විට ඔබේ ව්‍යාපාරයෙන් අත්පත් කරගෙන තිබෙන දේවල් මොනවද?
සමහරවිට මම කියන දේ කෙනෙක් විශ්වාස කරන එකකතුත් නැතිවෙයි. නමුත් මේ විසිතුරු මල් නිර්මාණයෙන් කාලයක් තිස්සේ මම එකතු කරගත් ආදායමෙන් ඉඩමක් මිලදී ගෙන නිවසකුත් හැදුවා. ඒ විතරක් නෙවෙයි තවත් විශාල නිවසක් බදු ක්‍රමයට අරන් එහි මල් නිෂ්පාදන කටයුතු කරගෙන ගියා. ඒ නිසා හොඳ දියුණුවක් ලබන්න හැකිවුණා. 


මේ ගමනෙදි මුහුණ දුන් දුෂ්කරතා ගැන කතා කළොත්?
හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුණා. මගේම කියලා ව්‍යාපාරය පටන් අරන් ඒකෙන් හොඳ ආදායමක් උපයාගෙන එද්දි සොර සතුරු උවදුරකට මුහුණ දෙන්න සිදුවුණා. නත්තලකට සහ අවුරුද්දට සැපයීමට ගෙනත් තිබුණු ලක්ෂ හයක පමණ බඩු තොගයක් මට නැති වුණා. ඒක ලොකු කඩා වැටීමක්.


නමුත් එයින් ව්‍යාපාරය අතහැරියේවත් අධෛර්යයට පත්වුණේවත් නැහැ. මම නැවත පු`ඵවන් විදියට මේක ආරම්භ කරලා වැඩ කටයුතු කරගෙන ගියා. ඉතින් මම කියන්නේ උත්සාහ කරනවා නම් අත්කම් නිර්මාණවලින් කාන්තාවන්ට හොඳ ආදායම් මාර්ගයක් විවෘත කරගන්න පු`ඵවන්. බාධක හැලහැප්පීම් එන්න පු`ඵවන්, ඒත් උත්සාහ කළොත් මේ ගමන යන්න අපහසු නැහැ. 

එන්. උදයංගනී
ඡායාරූප - සජීව ලක්ෂාන්    


 

රජකාලේ ජිම් එක - අංගම්  මඩුව Read Previous

රජකාලේ ජිම් එක - අංගම් මඩුව

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි  Dasun pathirana Read Next

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි Dasun pathirana

Realted Post

Leave a comment