විදුලි බිලේ ගෑස් බස්සන කුස්සියෙ බඩු

 

ගෘහ විදුලි උපකරණ පාවිච්චි කිරීමෙන් කාලය ඉතිරි කරගෙන වැඩ පහසු කර ගත්තත් මේ වෙද්දි නම් ගෘහිණියන් මුහුණ දෙන්නෙ වෙනත් ගැටලුවකට. ඒ විදුලි බිල අධික ලෙස ඉහළ යාමයි. එහෙත් විදුලිය අවම කරගෙන විදුලි උපකරණ පාවිච්චි කරන ක්‍රම තිබෙනවා. විදුලිය බොහොම පරිස්සමෙන්, අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු සම්පතක්. ඒ සම්පත අපට මුළුතැන්ගෙයින්ම වුණත් පාලනය කරගන්න පුළුවන්.


රාජකාරි බහුල ගෘහිණියට රයිස් කුකරය අත්‍යවශ්‍යම උපකරණයක්. හාල් සෝදා රයිස් කුකරයට දමා වෙනත් වැඩක් කරගන්න හැකිවීමම වාසියක්.

 


ප්‍රමාණය අනුව වැයවෙන විදුලිය වෙනස් 

අදහස් දැක්වීම - 
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ
සහකාර අධ්‍යක්‍ෂ  - ඉංජිනේරු 
චානක ද සිල්වා


රයිස් කුකරයක් මිලදී ගැනීමේදී තම නිවසේ සිටින සංඛ්‍යාව අනුව තෝරාගැනීම ඉතා වැදගත්. රයිස් කුකරයේ ප්‍රමාණය අනුව වැයවන විදුලි ඒකක ගණන ද වෙනස්වෙනවා. සාමාන්‍යයෙන් වොට් 900ක් ඇති 2.2 ලීටර් ප්‍රමාණයේ රයිස් කුකරයක දවසට⁣ වාර දෙකක් බත් පිසින්නේ නම් විදුලි ඒකක 0.9 පමණ (සාමාන්‍ය අගය) දිනකට වැයවෙනවා. මෙය රයිස් කුකරයේ වෙළෙඳ නාමය මත අඩු වැඩි වෙන්නත් පුළුවන්. එවිට සතියකට විදුලි ඒකක 6.3 ක් වැයවන අතර මාසයකට වැයවන විදුලි ඒකක ප්‍රමාණය 25.2 පමණ වෙනවා. ඒ වගේම 2.2 ලීටර් ප්‍රමාණයේ රයිස් කුකරයක සම්බා සහල් කිලෝ එකක බතක් පිසීමට විදුලි ඒකක 0.32 ක ප්‍රමාණයක් (සාමාන්‍ය අගය) වැය වන අතර මෙය සහල් වර්ගය අනුවත් වෙනස් වෙන්න පුළුවන්.

 


වැයවන විදුලිය අවම කරන ක්‍රම 
වෙනදා වේල් තුනටම රයිස් කුකරයේ බත් පිසිනවා නම් වේල් දෙකකට එකවර පිස වාර ගණන දෙකක් දක්වා අඩු කරන්න.
අවශ්‍ය ප්‍රමාණයටම බත් පිසගන්න. ඉතිරි බත් ශීතකරණයේ දමා එය නැවත පාවිච්චියට ගැනීමේදී රයිස් කුකරයේ දමා රත් කිරීමෙන් විදුලිය දෙවරක් වැය වේ.

 

  • ස්ටීම් කරන කොටසින් උපරිම ප්‍රයෝජන ගන්න.
  • පියන නිතර විවෘත නොකරන්න. එවිට අමතර විදුලියක් වැය වේ.
  • බත් පිසීමට රත්කරගත් ජලය පාවිච්චි කරන්න.


රයිස් කුකරය වගේම හීටරයද නිවෙසක මුළුතැන්ගෙයට අවශ්‍ය තවත් උපකරණයක්. සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ වොට් 500 සිට 1500 දක්වා ප්‍රමාණ අනුව හීටරයක් මිලදී ගන්න පුළුවන්.


වොට් 500ක හීටරයක් දවසකට විනාඩි 15ක් වැනි වේලාවක් පාවිච්චි කරන්නේ නම් දවසකට විදුලි ඒකක 0.125ක් පමණ වැයවන අතර මාසයකට විදුලි ඒකක 3.75ක් පමණ වැයවෙනවා. වොට් 1000ක හීටරයක් දිනකට විනාඩි 15ක් පමණ පාවිච්චි කළ විට මාසයකට වැයවන විදුලි ඒකක ගණන 7.5ක් වන අතර එය වොට් 1500ක හීටරයක් පරිහරණය කිරීමේදී මාසයකට විදුලි ඒකක 11.25ක්  වෙනවා.


හීටරයක් පරිහරණය කිරීමේදි විදුලිය අවම කර ගැනීමට නම් එය පාවිච්චි කරන කාල වේලාව අවම කරගත යුතුයි. විදුලි කේතලයකට මාරුවෙනවා නම් වැයවන විදුලිය ප්‍රමාණය අවම කරගත හැකියි.
බ්ලෙන්ඩරය ද මුළුතැන්ගෙට අත්‍යවශ්‍ය උපකරණයක් වී ඇති අතර වොට් 250 ප්‍රමාණයේ සිට ඉහළට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකියි.


සාමාන්‍යයෙන් යමක් බ්ලෙන්ඩර් කිරීමේදී එම ද්‍රව්‍ය කප් එකේ ප්‍රමාණයටම දැමිය යුතුයි. බොහෝ ගෘහිණියන් ඉතා සුළු ප්‍රමාණයක් දමා බ්ලෙන්ඩර් කරගන්නා අතර එය විදුලි බිල ඉහළ යාමට තවත් හේතුවක්. දිනකට බ්ලෙන්ඩරය පාවිච්චි කරන වාර ගණන අවම කර ගැනීම අනිවාර්යයෙන් කළ යුතුයි.


රෙදි සෝදන යන්ත්‍ර, බ්ලෙන්ඩර් වැනි විදුලි උපකරණ පරිහරණය කිරීමේ දී පාන්දර 5.30  සහ සවස 6.30 පෙර පරිහරණය කිරීමෙන් නිවෙසේ විදුලි බිල අඩුවීම සිදුනොවුණද රටේ විදුලි ඉල්ලුම කළමනාකරණයට දායකවීමට හැකියි. 


වඩා කාර්යක්ෂම විදුලි උපාංග මිලදී ගැනීම දිරිමත් කිරීම උදෙසා සහ අකාර්යක්‍ෂම විදුලි උපකරණ වෙළෙඳපොළෙන් ඉවත් කිරීම හෝ භාවිතය අවම කිරීම සඳහා බලශක්ති  කාර්යක්ෂමතා ලේබලයක් දැනටමත් ක්‍ත්‍ඛ බල්බ්, සිවිලිම් පංකා සහ ඛෑෘ බල්බ්  සඳහා ශ්‍රී  ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් හඳුන්වා දී තිබෙනවා. ශීතකරණ සහ පරිගණක සඳහා බලශක්ති කාර්යක්ෂමතා ලේබල ඉදිරි වසර හෝ දෙක තුළ අනිවාර්ය කිරීමට නියමිතයි. ඉදිරියේදී අනෙකුත් විදුලි උපකරණ සඳහා ද බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ වැඩිදුර තොරතුරු අඩංගු ූඍ කේතයක් අන්තර්ගත බලශක්ති කාර්යක්ෂමතා ලේබලයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පියවර ගෙන තිබෙනවා. 

 

සුදු කබර හැදෙන්නේ මීයෝ සපා කෑවාම ද? Read Previous

සුදු කබර හැදෙන්නේ මීයෝ සපා කෑවාම ද?

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali Read Next

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali

Realted Post

Leave a comment