හයිඩ්‍රොපෝනික් ක්‍රමයට මිරිස්, තක්කාලි, වම්බටු වගා කරමු

 

හයිඩ්‍රොපොනික් වගාවට පෝෂක මාධ්‍ය සකස් කර ගන්නා ආකාරය පසුගිය ලිපියෙන් පෙන්වා දුන් අතර මිරිස්, මාළු මිරිස්, තක්කාලි, වම්බටු වැනි එළවළු බෝගයක් වගා කරගන්නා ආකාරය මෙවර විමසා බලමු. 


මේ සඳහා මුලින්ම හයිඩ්‍රොපොනික් ඇටවුම රූපසටහනේ පෙන්වා ඇති ආකාරයට නිවැරදිව සකසා ගත යුතුය. 


පැළ තවාන් දමන හැටි 
පහසුවෙන් නඩත්තු කළ හැකි කුඩා ඉඩක (තවාන් තැටියක/බඳුනක) බීජ සිටුවා, පැළ සති 3 - 4ක් පමණ නඩත්තු කරන්න. තක්කාලි පැළ නම් සති 2ක් පමණ වන විට හයිඩ්‍රොපොනික් ඇටවුමේ රැඳවීමට පුළුවන.  


තවාන් කාලයේදීත් පෝෂණය ඕනෑ 
තවාන් කාලය තුළදීත් පෝෂක ලබා දිය යුතුය. ඒ සඳහාත් භාවිතා කරන්නේ ඇල්බර්ට් ද්‍රාවණයයි. (වතුර ලීටරයකට ඇල්බර්ට් මිශ්‍රණයෙන් යෝගට් හැඳි දෙකක් දියකර සාදාගත් පෝෂක මාධ්‍ය) එක් පැළයකට දිනකට තේ හැඳි 1,2 බැගින් මුල් දින කීපයේ ලබාදීම ප්‍රමාණවත් ය. පසුව පැළයකට මිලි ලීටර් 25 ක ප්‍රමාණයක් තවාන් කාලය අවසන් වන තුරු ලබාදීම ප්‍රමාණවත් ය. වාණිජ වගාවකදීත් මේ ක්‍රමවේදය අනුගමනය කළ යුතු අතර ගෙවතු වගාවකදී වෙළෙඳපොළෙන් මිලදී ගත් එළවළු පැළ වුවත් මේ සඳහා යොදාගත හැකිය. ඒවා කෙළින්ම හයිඩ්‍රොපොනික් ඇටවුමේ රඳවාගත හැකිය. 
 

පැළ කුඩා බඳුන්වල සිටුවන ආකාරය 
මේ සඳහා නෙට් පොට්, සිදුරු සකසා ගත් ඩිස්පෝසබල් කප් භාවිත කළ හැකිය. කර දහයියා අඟුරු, පරණ කොහුබත් සමග 1ථ1 අනුපාතයට ගෙන එම මිශ්‍රණය හෝ සිනිඳු වැලි, රොක් වූල්, පිටි පර්ටයිල්, වර්මිකියුලයිට් මිශ්‍රණයද වගා මාධ්‍ය ලෙස භාවිත කළ හැකිය. ඒ වගේම අඟලක් පමණ දිග, පළල, උස සහිත ස්පොන්ජ් පැළව රැඳවීමට භාවිත කළ හැකිය. වගා මාධ්‍යවලින් කැමති එක් වර්ගයක් භාවිතා කර කුඩා බඳුන් පුරවාගෙන සාමාන්‍ය ප්‍රමාණයේ පැළයක් සිටුවන ආකාරයට බඳුන මැද පැළය සිටුවා ගන්න. අනවශ්‍ය පරිදි පැළයේ කඳ කොටස යට කිරීමෙන් වළකින්න. 


පෝෂක මාධ්‍ය සකස් කරගන්න
වතුර ලීටරයක ඇල්බර්ට් පොහොර මිශ්‍රණයෙන් යෝගට් හැදි 2ක ප්‍රමාණයක් ගෙන දියකර එම පෝෂක ද්‍රාවණය තමන් තෝරාගත් බඳුනේ 2/3 පමණ වන තුරු පුරවා ගන්න. පසුව පියනෙන් වසා පැළ රඳවා ගන්න. 

 

 

පැළ නඩත්තුව 
මේ පැළ පලා වර්ග මෙන් නොව තරමක් විශාලව වර්ධනය වන නිසා ආධාරක සැපයීම කළ යුතුමය. කෝටු කැබැල්ලක් පොලිතීන් නූලක්, ලණුවක් ආධාරයෙන් ඇටවුම පිටින් හෝ සිරස් අතට ඉහළට යෙදීමෙන් ආධාරක සැපයිය හැකිය. ගසේ කඳ හිර නොවන ආකාරයට ගැටයක් යොදන්න. වගාවට මාස 1 1/2 - 2 ක් පමණ වනවිට මුල් මෝරන බැවින් එම දිගින් වැඩිවන මුල් කපා ඉවත් කිරීමෙන් මනා වර්ධනයක් පවත්වා ගත හැකි වේ. 
තක්කාලි, සලාද, පිපිඤ්ඤා වැනි බෝගවල ප්‍රධාන කඳට අමතරව එන අංකුර කපා ඉවත් කළ යුතු වේ.  ඡ්‍ය මීටරය සහ ෑගක්‍  මීටර් නොමැති නම් මාස 1-1/2කට වරක් පෝෂක මාධ්‍ය අලුත් කිරීමෙන් පැළවල හොඳ වර්ධනයක් ළඟා කරගත හැකිය. ෑගක්‍ මීටරයක් තිබෙනවා නම් දින 3කට වරක් ෑගක්‍ අගය පරික්ෂා කර බලා ප්‍රශස්ථ අගයට වඩා වැඩි නම් (1.5-2.5 ාිරැප) වතුර එකතු කරන්න. ප්‍රශස්ථ අගයට වඩා අඩු නම් පෝෂක මාධ්‍ය අලුත් කළ යුතුය. මල් පිපීම ආරම්භ වීමත් සමග කෘත්‍රිම පරාගණය කිරීමෙන් තක්කාලි, වම්බටු වැනි බෝගවල අස්වනු වැඩි කරගත හැකිය. 

 

 


සුජිත් ප්‍රසංග


 

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali Read Previous

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali

Lapidary Art Exhibition Read Next

Lapidary Art Exhibition

Realted Post

Leave a comment