අග්බෝ සෙවූ වීඩියෝවේ රහසින් කියන දේ ගැන විස්තරේ

අග්බෝ ඇතා සෙවීමේ මෙහෙයුමට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව සම්බන්ධයෙන් ලංකාදීප Online සමාජ මාධ්‍ය අංශය යුද හමුදාවෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේය.

යුද හමුදා මාධ්‍ය අංශය පැවසුවේ, එවැනි සිදුවීමක් යුද හමුදාව පාර්ශ්වයෙන් සිදුව නොමැති බවයි. වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා පැවසුවේ, තමන් ද අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ දුටු බවත්, නිලධාරීන් තමන් වෙත ලබාදුන් වීඩියෝ දර්ශන අතර එවැන්නක් නොමැති බවත්ය. කිසියම් පාර්ශ්වයක් අපකීර්තියට පත් කිරීමේ අරමුණින් එම වීඩියෝව සංසරණය කර ඇත්දැයි සැකයක් පවතින බව ද ඔහු සඳහන් කළේය.

අග්බෝ ඇතාට වෙඩි වැදී ඇති බවටත්, හොඬවැල පුළුස්සා ඇති බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ පළ විය. එම ස්ථානයේ පැවති කලබලකාරී තත්ත්වය හමුවේ සිදු වූ ප්‍රකාශයක් වරදවා අර්ථකථනය වී ඇත්දැයි සැකයක් පවතින නමුත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි බව මාරසිංහ මහතාගේ අදහස විය.

අග්බෝ ඇතා සොයා සිදුකළ මෙහෙයුම්වලදී සතෙකු තවදුරටත් පීඩාවට පත් කිරීමට මෙහෙයුමට සහභාගී වූ කිසිවකු කටයුතු නොකරන බව ද ඔහු අවධාරණය කළේය. එම මෙහෙයුම් සඳහා වනජීවී නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන් දැක්වූ කැපවීම ද ඔහු අගය කළේය.

අශන්ති වරුණසූරිය 

පියයුරු පිළිකාව පරදන්න පපුවට අත තියලා දිව්රන්න Read Previous

පියයුරු පිළිකාව පරදන්න පපුවට අත තියලා දිව්රන්න

අග්බෝ සෙවූ වීඩියෝවේ රහසින් කියන දේ ගැන විස්තරේ Read Next

අග්බෝ සෙවූ වීඩියෝවේ රහසින් කියන දේ ගැන විස්තරේ

Realted Post

Leave a comment