හැංගිලා බය කළ තරමක්. අග්බෝ සෙවූ මෙහෙයුම

අතුරුදන් වූ අග්බෝ නිරුපද්‍රිතව හමුවෙයි

අග්බෝ ඇතා අතුරුදන් වී ඇති බවත්, වෙඩි වැදී ඇති බවටත් පළ වූ පුවත් හමුවේ ඇතා සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට වනජීවී නිලධාරීන් පියවර ගත්හ.

ඒ අනුව, තිරප්පන වනජීවී නිලධාරීන්ගේ සහායට විශේෂ යුද හමුදා කණ්ඩායමක් ද අනුයුක්ත කෙරුණු අතර, ඔක්තෝබර් 18 වැනිදා සිට අග්බෝ සෙවීමේ මෙහෙයුම් ආරම්භ විය. මෙහෙයුම සඳහා යුද හමුදාවේ ඩ්‍රෝන තාක්ෂණය ද යොදා ගැනිණි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සිදු කළ සෝදිසි මෙහෙයුමේදී නාච්චාදූව වැව් රක්ෂිතයේ සිටි අග්බෝ ඇතා නිරුපද්‍රිතව සොයා ගැනීමට හැකි විය.

අද දහවල් වන විට අග්බෝ නාච්චාදූව වැවට පැමිණ සිටි බවත්, ඇතාට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් තිරප්පන වනජීවී නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.

අග්බෝ නිරුපද්‍රිතව සිටින බව දැනගැනීම සතුටට කරුණකි.

ඉතින් අග්බෝ, හැංගිලා හරි පරිස්සමට ඉන්න. 

අශන්ති වරුණසූරිය

අග්නිජය Read Previous

අග්නිජය

නායකත්වය වෙනුවෙන් නොව, සමාජය වෙනුවෙන් Heart to Lead Read Next

නායකත්වය වෙනුවෙන් නොව, සමාජය වෙනුවෙන් Heart to Lead

Realted Post

Leave a comment