අග්නිජය
සිනමා ප්රේක්ෂකයා හෙම්බත් කල ඒකාකාරි රැල්ලෙන් මිදී ආදරය, සටන්, නැටුම් හා මිහිරි සංගීතයෙන් පිරිපුන් , තාරුණ්යයේ සිනමා ප්රේක්ෂකයා උන්මාදයට පත්කරවන නැවුම් ප්රවේගවත් තේමාවක් යටතේ නිර්මාණය වූ අග්නිජය සිනමා පටය එළැඹෙන 29 වන දින සිට මෙරට තිරගත වීම ආරම්භවීමට නියමිතව ඇත . අග්නිජය සමගින් නර්තනයේ සහ ක්රියාදාමයේ නව තරුවක් සිනමාවට හඳුන්වා දීමද සිදුකෙරේ. ලොවටම වසංගතයක් වූ මත් උවදුර , මෙරට තාරුණ්යය ද බිළිගෙන ඇති බව නොරහසකි .
මත් උවදුර මුලිනුපුටා දැමීමට මෙතෙක් කිසිදු රජයක් අසමත්ව තිබීම ද එම ජාවාරම් කරුවන්ගේ ව්යාපාරයට ආශිර්වාදයක් වී ඇත. එවන් පසුබිමක එක්තරා විශ්ව විද්යාලයක් තුළ ව්යාප්තව ගිය මත්ද්රව්ය ව්යසනයෙන් එක් ශිෂ්යයෙකු මිය යාමත් සමගින් එම විශ්ව විද්යාල ප්රජාවම කැළඹීමට පත්වෙයි . එහිදී , එම මත්ද්රව්ය ජාවාරම් කරුවන්ට එරෙහිව ඉන්ද්රඛීලයක් සේ නැගී සිටින නිර්භීත මෙන්ම දැඩි අධිෂ්ඨානශීලී වෛද්ය ශිෂ්යයෙකු වටා අග්නිජය කතා තේමාව නිර්මාණය වී ඇත .
මෙතුලින් ප්රධාන නළු භූමිකාව තුළින් සිනමාවට හඳුන්වා දෙනු ලබන මාංචන පීරීස් සමගින් සනුද්රි ප්රියසාද් , බිමල් ජයකොඩි, කලණ ගුණසේකර , ශේෂාද්රි ප්රියසාද්, දසුනි සෙනෙත්මා,සංගීත් ප්රභූ, ලෝචනා ජයකොඩි , සනත් ගුණතිලක , ක්ලීටස් මෙන්ඩිස් ,මීනා කුමාරි , දුලීකා මාරපන ,ප්රියන්ත සෙනෙවිරත්න ,මංජුලා කුමාරි, ශ්රියාණි අමරසේන,ජගත් චමිල,චරිත් අබේසිංහ ,චතුර පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි , චරිත් ආචාරිගේ , සත්සරණි බණ්ඩාර ඇතුළු ජනප්රිය රංගන ශිල්පීන් රැසකගේ රංගනයෙ ඔපවත් වී ඇති අග්නිය මාංචන තාරක පීරිස්ගේ කුළුදුල් සිනමා අධ්යක්ෂණයක් ලෙසින් ප්රේක්ෂකයා හමුවට පැමිණෙයි.
ඉන්දීය ජාතික සරෝව් සන්මුගම් ලියූ නැවුම් කතාවකට අනුව ,වර්තමානයේ ජනප්රිය තිර රචක සුනෙත් මාලිංග ලොකුහේවා සමගින් ප්රියනාත් විදානපතිරණ තිර රචනය නිමකල මෙහි, කැමරා අධ්යක්ෂණයෙන් ඉන්දීය ජාතික විග්නේෂ් වාසු, සංස්කරණයෙන් ලොඒස්වරන් මහාලිංගම් සමගින් තනුෂ්ක කහඳවල, වර්ණ සංයෝජනයෙන් අසංක වික්රමසිරි ,ශබ්ද සැළසුම්කරණයෙන් සශික රුවන් මාරසිංහ, පසුබිම් සංගීත අධ්යක්ෂණයෙන් දිනේෂ් සුබසිංහ , ගී තනු නිර්මාණයෙන් සහ සංගීත සංයෝජනයෙන් ඩිරාන් විජේසිංහ ,ගීත ගායනයෙන් උරේෂා රවිහාරි , නදීමාල් පෙරේරා, භාචි සුසාන් සහ ෆැලන් ඇන්ඩ්රියා , නර්තන වින්යාසයෙන් සංඛ අබේසිංහ සහ ඉන්දීය නර්තන ශිල්පි ආර්.සිවාජි, සටන් අධ්යක්ෂණයෙන් සුරේෂ් ස්ටන්ට් සමගින් වසන්ත කුමාරවිල, කලා අධ්යක්ෂණයෙන් ශානක පීරීස් , අංග රචනයෙන් ඉන්දික උදාර ලංකා , සහය අධ්යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්න,ප්රියන්ත පතිරගේ සහ චාපා පෙරේරා එක්ව ඇති "අග්නිජය" ඉන්ෆිනිටි ෆිල්ම්ස් නිෂ්පාදනයක් ලෙසින් තිරයට එක්වෙයි .
ඇන්ටන් ජේ. ප්රනාන්දු

Leave a comment