අතින් අල්ලන්න පුලුවන් ටයිටැනික් නැව ගිලුණු වතුර

ටයිටැනික් නැවේ කදුළු කතාව ලොව පුරා ප්‍රචලිත වුණේ 1997 වර්ශයේදී ටයිටැනික් චිත්‍රපට‍යත් සමඟයි. මගීන් 1500 කට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්ලන්තික සාගර පතුලේ සැඟව ගිය ටයිටැනික් නෞකාව අනතුරට ලක්වන්නේ අයිස් පරයක ගැටීමෙන් නැවේ බදෙහි ඇති වූ පැල්මෙන් නැව තුළට ජලය කාන්දු වීමෙන්ය. 

ලොව පුරා ටයිටැනික් ඛේදවාචකයේ මතක එකතු කොට නිර්මාණය කරන ලද කෞතුකාගාර දක්නට ඇත. ටයිටැනික් නැවේ ආකෘතියෙන්ම නිර්මාණය කළ ඇමරිකා එක්සත් ජනපදයේ මිසූර් ප්‍රාන්තයේ තිබෙන ටයිටැනික් කෞතුකාගාරය තුළදී ඔබට ටයිටැනික් නැව ගිලුණු වතුර ස්පර්ශ කිරීමට හැකියාව ඇත. එම කෞතුකාගාරයේ මධ්‍යම ප්‍රමාණයේ භාජනයක පුරවා ඇති මෙම ජලයේ උෂ්ණත්වය ටයිටැනික් නැව ගිලෙන අවස්ථාවේදී එම ස්ථානයේ තිබූ ජලයේ උෂ්ණත්වය සමාන වේ. එනම් එම ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ දෙකක අගයකින් යුතුයි. මෙම ජලය තුළ විනාඩියක කාලයක් අත ගිල්වාගෙන සිටින ඕනෑම පුද්ගලෙකුට එවෙලෙහිම ඩොලර් 5000 ක් දිනා ගත හැකි අතර මෙතෙක් එම අභියෝගය ජයගැනීමට කිසිවෙකුටවත් නොහැකි වී ඇත. 

මෙම අත්දැකීම ලබාගන්නට පැමිණෙන පුද්ගලයන්ට මෙතෙක්  මෙම ජලයේ අත ගිල්වාගෙන සිටීමට හැකියාව ලැබී ඇත්තේ, උපරිම තත්පර 10-15 ත් අතර කාලයක් පමණයි. තත්පර කිහිපයක්වත් අත ගිල්වාගෙන සිටිය නොහැකි මෙම ජලය තුළ සිය සම්පූර්ණ සිරුරම ගිල්වාගෙන පැය ගණනක් උදව් අපේක්ෂාවෙන් බලාසිටීමට සිදු වූ ටයිටැනික් මගීන්ට දැනුණු වේදනාව කොතරම්දැයි අපට සිතා ගන්නටවත් නොහැකිය.

සටහන - සුහංසි වීරසිංහ

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට Read Previous

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International  ලේකම් ධුරයට Read Next

ලංකාව නියෝජනය කරමින් අංජලී IPR International ලේකම් ධුරයට

Realted Post

Leave a comment