ආදරයට පමණක් ගැලවිය හැකි තනපටය?

2024 වසරේදී, ZAWAWORKS හෙවත් යූකි අයිසාවා (Yūki Aizawa) නම් ශිෂ්‍යයෙකු ලෙස හඳුන්වන ජපන් නව නිපැයුම්කරුවෙකු, විසින් නව නිපැයුමක් සොයාගෙන තියෙනවා.

මෙය ලොව පුර වෙබ් අඩවි ගණනාවක වඩාත් කතා බහට ලක් වූ පුවතක් ලෙසින් ජනප්‍රියත්වයට පත් වුණා. 

එලෙස සොයාගෙන තියෙන්නේ අපූරු තන පටයක්. 

ඒත් ඒක නිකම්ම නිකම් තන පටයක් නෙවෙයි. 

ඇඟිලි සලකුණකට පමනක් අවනත් වෙන තනපටයක්. 

එය පළඳින තැනැත්තියගේ සහකරුගේ ඇඟිලි සලකුණට පමණක් ගැලවිය හැකි මූලාකෘති තනපටයක් තමයි එලෙස නිර්මාණය කර තිබෙන්නේ.  

එහි අගුලෙහි කුඩා ඇඟිලි සලකුණු සංවේදකයක් අඩංගු වන අතර, සහකරුගේ ඇඟිලි සලකුණ ලියාපදිංචි කළ පසු, වෙනත් කිසිවෙකුට එය ගැලවිය නොහැකි ලෙස එය නිපදවලා තියෙනවා. 

මෙම අදහස ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වූ අතර, එය හාස්‍යය සහ විවාදය යන දෙකම එකවර ඇති කළ පුවතක් වුණා. 

කෙසේ වෙතත්, Knowledia වෙබ් අඩවියට අනුව, මෙම තනපටය කිසි විටෙකත් වාණිජ නිෂ්පාදනයක් ලෙස අදහස් කර නැහැ. 

අයිසාවා මෙය 'මනඃකල්පිත නිපැයුමක්' ලෙස විස්තර කළ අතර, එය හාස්‍යජනක සහ නිර්මාණශීලී ගැජට් මාලාවක කොටසක් බව පවසනවා. 

මෙහි අරමුණ වූයේ සබඳතාවල ඇති විශ්වාසය, සමීපත්වය සහ පෞද්ගලිකත්වය වැනි තේමාවන් ගවේෂණය කිරීමත්, ඒ සමඟම තාක්ෂණය මුසු වූ විලාසිතා සංකල්පයට විහිළුවක් කිරීමත්ය.

සටහන - කසුනි විජේසිංහ 

පාසැල් දරුවන්ට නොමිළේ  ඇස් කණ්ණාඩි Read Previous

පාසැල් දරුවන්ට නොමිළේ ඇස් කණ්ණාඩි

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක් Read Next

තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්

Realted Post

Leave a comment