ආදරය - දුක-සතුට-හාස්‍ය මේ සෑම දෙයකින්ම යුක්ත - jagath chamila

ලංකාවේ කලා ක්ෂේත්‍රයේ  ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ඇති  ඔහු  සිනමාව ටෙලිනාට්‍ය හා වේදිකාවේ සිටින චරිතාංග  රංගන ශිල්පියෙක්. ඔහු නමින් ජගත් චමිල. ඒ සොඳුරු, ජනාදරණීය, ළෙන්ගතු, ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පියා සමගයි මේ සොඳුරු කතාබහ.

  • මේ දවස්වල  ඔබ මොනවද කරන්නේ?

 ඉදිරියේදී  පාස්පෝට් චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. ඒ නිසා ටිකක් කාර්යබහුලයි. එ්වගේම චිත්‍රපට හා ටෙලි නාට්‍යය වගේම වේදිකා නාට්‍යය කිහියකටම සම්බන්ද වෙලා ඉන්න නිසා  කාලය යනවා දැනෙන්නෙ නෑ.

  • පාස්පෝට් චිත්‍රපටය ගැන කතා කළොත් ? 

ක්‍රිෂ් ඇන්තනි විසින්  අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය  තාරුණ්‍ය හා බැඳුණු කතා මාලාවක්. අද සමාජයට හොඳ ආදර්ශයක් ගෙන දෙන චිත්‍රපටයක්. මෙම චිත්‍රපටියේ  ප්‍රධාන චරිතයක් වන අමරෙගේ  චරිතයට දායකත්වය ලබාදෙන්නේ මම.   ආදරය , දුක, සතුට , හාස්‍ය  මේ සෑම දෙයකින්ම  යුක්ත  නිර්මාණයක් තමයි පාස්පෝර්ට්.  ඒ වගේම පවුලේ සැමට නැරඹිය හැකි  චිත්‍රපටයක්. සැමට ආරාධනා කරනවා ඇවිල්ලා නරඹන්න කියලා.

  • කාර්යබහුලත්වයත් එක්ක විවාහ ජීවිතය සමබර කරගන්නේ කොහොමද ? 

සාමාන්‍ය ලෙස  ජීවිතය ගත කරනවා.  කලා කටයුතු නැති වෙලාවට ගෙදර අයත් එක්ක  කාලය ගත කරනවා. ඒවගේම මගේ දුව  විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. ඒ වගේම පුතා  අපොස සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටිනවා. ඉතින්  නිවසේ හැමෝම එක්එක් කාර්යයන් සඳහා කාර්යබහුල වී සිටිනවා. අපි ගෙදර ඉන්නකොට   එකිනෙකාගේ හඬ ඇහෙන මානයෙ තමයි රැදෙන්නෙ. ඉතිං සතුටින් ජිවිතයට මුහුණ දෙනවා. 

  • මෙතෙක් කළ චරිත දිහා ආපස්ස හැරිලා බලනකොට,  ඔබගේ සැබෑ ජීවිතයට  සම්බන්ධ  චරිතයක් තිබේද? 

ඔව්.  මානික්කාවත  ටෙලි නාට්‍යයේ  කෙටිහාමිගෙ  චරිතය  මගේ සැබෑ ජීවිතය හා සම්බන්ධයි කියලා හිතෙනවා.

  • මෙතෙක්  රංගනයෙන් දායක වූ චරිත අතරින්  ප්‍රේක්ෂකයන්ට  වඩාත්ම ළං වූ චරිතය මොකද්ද ? 

මේවනතෙක්   මම රඟ දැක්වූ  සෑම චරිතයකටම  උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී තිබෙනවා. 

  • මෙතෙක් ආ ඔබේ රංගන ජීවිතය ගැන  අද මොකද හිතෙන්නේ?

 ඇත්තටම මට ගොඩක් සතුටුයි.  සම්මාන කීපයක්ම  ලබාගෙන  ප්‍රේක්ෂකයන්ගේ ආදරය ගෞරවය ද සමග  මේ ආ ගමන ගැන රංගන ශිල්පියෙක් ලෙස විශාල සතුටක් තිබෙනවා. 

 

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Previous

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Fems තිළිණපත් වෙතින් ලක්ෂ ගණනකට සනීපාරක්ෂක තුවා නොමිලේ Read Next

Fems තිළිණපත් වෙතින් ලක්ෂ ගණනකට සනීපාරක්ෂක තුවා නොමිලේ

Realted Post

Leave a comment