ඉස්ලාම් දින දර්ශනයේ දොළොස්වන මාසයේ යෙදෙන හජ්ජි

ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන වාර්ෂික උත්සව අතරින් හජ්ජි උත්සවයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. "ඊදුල් අල්හා" හෙවත් "හජ්ජි" ඉස්ලාමීය බැතිමතුන් විසින් සමරනු ලබන ප්‍රධානතම ආගමික උත්සව ද්විත්වය අතුරින් එකකි.

සෞදි අරාබියේ මක්කම නගරය මුල් කරගනිමින් ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් හජ්ජි උත්සවය සමරනු ලබයි. ශුද්ධ වූ මක්කම නගරයේ ඉපදුණු නබි ඊබ්‍රාහිම් සහ ඔහුගේ පුත්‍රයා නබි ඉස්මායිල් යන දෙදෙනා සම්බන්ධයෙන් ඓතිහාසික හා ආගමික සිදුවීමක් අරමුණු කොට ගෙන මෙම උත්සවය වාර්ෂිකව සමරනු ලබයි.

ඉස්ලාමීන් ඉටු කළ යුතු වගකීම් පහ අතුරින් එකක් වන හජ් වන්දනාව එසේත් නැතිනම් මක්කම වන්දනාව ඉස්ලාම් දින දර්ශනයේ දොළොස්වැනි මාසයේ දී සිදු කරනු ලැබේ.

හැකියාවක් ඇති සෑම ඉස්ලාම් භක්තිකයෙක් ම සිය ජීවිත කාලය තුළ එක්වරක් හෝ හජ්ජි වන්දනාවේ යෙදිය යුතු බව ශුද්ධ වූ අල් - කුරානයේ සඳහන් වේ.

මුස්ලිම් ජනතාවගේ එකමුතුකමේ හරය සංකේතවත් කරමින් සමරන මෙම උත්සවය ඔවුන් නබිතුමාගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ශ ස්මරණය කරමින් එකිනෙකා සමඟ ආහාරපාන හුවමාරු කරගනිමින් මහත් වූ භක්තියෙන් යුතුව සමරනු ලබයි.


සහශ්‍රිකා දයානන්ද

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ Read Previous

දැක්කම හිහ ඇදිලා යන එයාගේ විලාසිතාව බලන්නකෝ

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි  Read Next

නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි 

Realted Post

Leave a comment