ඔබ අධෛර්යමත් වන සෑම මොහොතක ම ඉෆ්‍රාන්ව සිහියට ගන්න...

ලියන එක ලේසි දෙයක් කියල හිතුවට ඇත්තටම අමාරු දෙයක්. මොකද මනසකට එන සිතුවිලි වචනවලට හරවා තවත් මනසකට රසවිඳිය හැකි විදියට රචකයා විසින් ලිවිය යුතු නිසයි.

අත් පා හොඳින් වැඩ කරන ඔබට සමහර වෙලාවට ජීවිතය අත්හැර යන්නට සිතෙන වේලාවන් ඕන තරම් එනවා නේද? 
ඒත් ඔබ මෙවැනි කෙනෙක් ගැන දැන සිටියා ද? තම දෑස් නොපෙනෙද්දී වානේ පන්නරය ලැබූ හැටි ලියූ නිකොලායි ගැන. තමන් මිය යන බව දැනගෙන ඒ වේදනාවත් දරාගෙන, තමන්ගේ මුළු ශරීරයම ඔසවා ගන්නවත් බැරුව තියද්දී ජීවිත කාලයම ඇඳක තනිවුණු කෙනෙක්. තමන්ගේ වැඩකරන එකම ඇඟිල්ලෙන් ලෝකයක් දිනූ ශ්‍රී ලාංකිකයෙක්.

ඔහු නමින් ඉෆ්‍රාන් හෆීස්. දර්ගා නගරයේ වැසියෙක්. ඉෆ්‍රාන් මිය ගියේ 2018 වර්ෂයේ. අවුරුදු 4 සිට ඔහු Duchenne Muscular Dystrophy  නම් රෝගයෙන් පීඩා විදිනවා. වෛද්‍යවරු ප්‍රකාශ කළේ ඔහු අවුරුදු 18 දී මිය යාමට නියමිත බවයි. එහෙත් අවුරුදු 18 දී සම්පූර්ණයෙන්ම පේශී අක්‍රීය වීම නිසා ඔහු යන්ත්‍රයක ආධාරයෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. එහෙම ජීවත් වෙන කාලය තුළ ඔහුට යන්තමින් හෝ ක්‍රියාකරවිය හැකිව තිබුණේ ඔහුගේ දබර ඇඟිල්ල පමණයි.

ඉතින් ඉර්ෆාන් ඔහුගේ ශරීරයේ පණ තිබුණු එක දබර ඇඟිල්ලෙන් පොත් ලියන්න පටන් ගන්නවා. මුලින්ම ඔහු පොත් ලියන්න පටන් ගන්නේ පරිගනකය ආධාරයෙන්. එහෙත් එයටත් වාරු නැතිවෙද්දී ඔහු දුරකතනයෙන් පොත් ලියනවා. පණ තිබෙන එකම ඇඟිල්ලෙන් යතුරු පුවරුව භාවිත කරමින් ඉර්ෆාන් හෆීස් පොත් තුනක් රචනා කරනවා. ඒ ඔහු අතින් ලියවුණු පොත් මුද්‍රණ වාර දෙක තුන ඉක්මවා ගොස් ලෝකය පුරා ජනප්‍රිය වෙනවා.

Silent Struggle
Moments of Merriment
Silent Thoughts

විශේෂම කරුණ නම් Moments of Merriment පොත පුරාම ඔහු තනි ඇඟිල්ලෙන් වචන 40,000ක් වසරක් පුරාවටම ලිවීමයි.
නමුත් ඒ පොත් තුනම ලියා අවසන්ව ඔහු තම හතරවැනි පොතත් ලියමින් සිටිය දී ජීවීතයෙන් සමුගන්නවා. ඔහු මිය යන්නේ DMD රෝගයෙන් පීඩා විදි වයස්ගත ම ආසියානුවා ලෙසිනුයි.

ඉතින්, හිතන්න
ඔබට මොනවද අඩු ?
ඔබ අධෛර්යමත් වන සෑම  මොහොතක ම ඉෆ්‍රාන්ව සිහියට ගන්න.

සටහන - සහශ්‍රිකා දයානන්ද

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Previous

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year Read Next

ජාත්‍යන්තර කාන්තා දියේදී The Best Nurse of The year

Realted Post

Leave a comment