ඔයා දන්නවාද බකමූණු බබෙක් නිදා ගන්න විදිහ

ඔයා මේ දකින්නේ බකමූණු බබෙක් නිදා ගන්න විදිහ

පුන්චි බකමූණු පැටවුන්ට, එහෙම නැත්තම් "අවුලෙට්" ලට සාමාන්‍ය බකමූණො නිදා ගන්න විදිහට දෙපයින් හිට ගෙන නිදා ගන්න බැහැ. 

මේකට හේතුව තමයි, බකමූණෝ කුඩා කාලෙදි ඔවුන්ගෙ හිස ඔවුන්ගේ ඇඟට සාපේක්ෂව අසාමාන්‍ය විදිහට විශාල වීම.

ඉතින් මේ බකමූණු පැටවුන්ට මේ හිසේ බර දරා ගන්න ටිකක් අමාරුයි. 

මේ නිසා මේ අය කය සෘජුව තබා ගැනීම වෙනුවට කරන්නේ  උදරයත් මුහුණත් බිමට හිටින විදිහට බිම දිගා වෙලා නිදා ගන්න එකයි. 

බිම කිව්වට මේ අය ගස් බෙන අස්සෙත් මෙහෙම නිදා ගන්නවා.

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Previous

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව Read Next

ශ්‍රී දළදා උරුමය රකින දශකයකට වැඩි සන්නිවේදන සබැඳියාව

Realted Post

Leave a comment