කතරගම වාසනා ප්‍රධාන පෙරහරවලට පමණයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් ‘වාසනා’ හස්තිරාජයාගේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන පෙරහර මංගල්‍යයන් සඳහා පමණක් එම හස්තියා සහභාගි කරවීමට වත්මන් බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංකගේ උපදෙස් මත තීරණය කර ඇත.

දුර බැහැර ප්‍රදේශවල පෙරහර මංගල්‍යයන් වෙනුවෙන් හස්තියා ප්‍රවාහනය කිරීම සහ යෙදවීම හස්තියාගේ ජීවිතයට මෙන්ම සෞඛ්‍යයට ද දැඩි තර්ජනයක් විය හැකි බැවින්, හස්තියාගේ නිදහස තහවුරු කිරීමේ අරමුණින් මෙම සීමා කිරීම සිදු කර ඇත.

මින් ඉහතදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවති කඨින පිංකම් ඇතුළු කුඩා පරිමාණ පෙරහර රැසක් සඳහා වාසනා හස්තියා සහභාගි කරවා තිබිණි. එහිදී හස්තියාගේ සෞඛ්‍ය පිළිබදව නිසි අවදානයක් යොමු කර නැති බවත් පැවසේ.

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ Read Previous

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ Read Next

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ

Realted Post

Leave a comment