සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට

තෙල්දෙණිය පොලිස් වසමේ  වික්ටෝරියා  ජලාශය ආසන්නයේ පිහිටි හෝටලක් රාත්‍රී වැටලූ තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ඩී එම් චන්ද්‍රපාල මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක්  එහි  සිටි  පුද්ගලයන්  41ක් සමග අයිෂ් හෑෂ් ගංජා මත් පෙති  20ක් නීති විරෝධී දුම්වැටි තොගයක්, බීර බෝතල්  28ක්  විවිධ වර්ගයේ මත් පැන් බෝතල්  12ක් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අතර  තරුණියන්  05  ක් සිටි බව පොලීසිය පවසයි.පොලීසියට ලද රහසිගත තොරතුරක් මත වැටලීම සිදු  කරන ලද බව පොලීසිය පවසයි.

අත් අඩංගුවට ගත් පිරිස  ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මුහූණු පොත හරහා මෙම සාදයට සහභාගි වී ඇති බව  පොලිස් පරීක්ෂණ වලදී  හෙළිව  ඇත.

⁣මධ්‍යම දිසාව භාර ජේය්‍ය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  ලලිත් පතිනායක ,නියෝජ්‍ය පොලිස්පති  සුදත් මාසිංහ,තෙල්දෙණිය ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී  හර්ෂ ලොකුගේ   යන  මහත්වරුන්ගේ අධීක්ෂණ මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම් චන්ද්‍රපාල මහතා  සැකකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට  වැඩිදුර  පරීක්ෂණ පවත්වයි.

ජේ.ඒ.එල්. ජයසිංහ..

...........................................  NEWS UPDATE  ......................................

තෙල්දෙණිය මත් සාදයේ සැකකරුවන්ට තෙල්දෙණිය දිසා අධිකරණයෙන් ලක්ෂ  41ක ශරීර ඇප

තෙල්‍දෙණිය පොලිස් වසමේ වික්ටෝරියා ජලාශ පෙදෙසේ අළුත්වත්තේ හෝටලයකදී මත් සාදයක් පවත්වමින් සිටියදී විවිධ විෂ මත් ද්‍රව්‍ය සහ  මත්පැන් ,නීතී විරෝධී දුම්වැටි සහ මත් පෙති සමග තෙල්දෙණිය පොලීසියේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගත් සැකකරුවන්  සහ සැකකාරියන් ඇතුලු  41 දෙනෙකු තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් සමන් රත්නායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වරද පිළිගැනීම නිසා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 41ක ශරීර ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා  ඔවුන් මුදා හරින ලෙස නියෝග කළේය.

මෙලෙස  ශරීර ඇප මත මුදා හරින ලද සැකකරුවන්ට සහ සැකකාරියන්ට  යලිත් සැප්තැම්බර් මස 14  වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත් වරයා  නියෝග කළේය.

තෙල්දෙණිය කොට්ඨාශ භාර ජේය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරී හර්ෂ අමරසිංහ මහතාගේ මෙහෙය වීම මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී චන්ද්‍රපාල මහතා සැකකරුවන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරනු  ලැබීය.

ජේ.ඒ.එල්. ජයසිංහ 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරියකට ඇමෙරිකා එක්සත් ජනපදයේ සුවිශේෂී අගැයීමක් Read Previous

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරියකට ඇමෙරිකා එක්සත් ජනපදයේ සුවිශේෂී අගැයීමක්

Prime සමූහය LMD ඇගයීමට Read Next

Prime සමූහය LMD ඇගයීමට

Realted Post

Leave a comment