කත්‍රිනා කයිෆ් මව් පදවියට

කත්‍රිනා කයිෆ් සහ විකී කෞෂාල් කියන්නේ බොලිවුඩයේ අතිශය ජනාදරයට පත් වූ යුවලක්. 2021 වර්ෂයේ විවාහ දිවියට එළඹෙන මේ යුවල බොලිවුඩයේ ධනවත්ම යුවලවල් අතර සිටින යුවලක්. 

කත්‍රිනා කයිෆ්ගේ මව් පදවිය ගැන විටින් විට විවිධ කටකතා පැතිර ගියද මේ කටකතා වැඩිවන්නට පටන් ගත්තේ 2025 ජූලි මාසයේ සමාජමාධ්‍ය ජාලාවල පළවුණු ඡායාරූපයක් සමඟයි. කෙසේ වුවත් මේ කටකතා පිළිබඳව කත්‍රිනා - විකී යුවල නිහඬ පිළිවෙතක් අනුගමනය කළ අතර 2025 සැප්තැම්බර් 23 වන දින ඔවුන් සමාජමාධ්‍ය ජාලාවලට ඡායාරූපයක් එකතු කරමින් ඔවුන්ගේ එම නිහැඩියාව බිඳ දැමුවා. 

සමාජමාධ්‍ය ජාලාවලට නිල වශයෙන් ඡායාරූපයක් එකතු කරමින් ඔවුන් දෙමව්පියන් වීමට සූදානම් වන බව කියා සිටිමින් මෙම යුවළ සඳහන් කොට ඇත්තේ, ඔවුන් සිය ජීවිතයේ හොඳම පරිච්ඡේදය ප්‍රීතියෙන් හා කෘතඥතාවයෙන් පිරි හදවතින් ආරම්භ කිරීමට සූදානම් බවයි.

මේ වන විට කත්‍රිනා හා විකී යුවලට බොලිවුඩ් තරුවල මෙන්ම රසිකයන්ගේ සුබ පැතුම් ගලා එන ආකාරය සමාජමාධ්‍ය තුළ දැකගන්නට පුලුවන්.

සටහන - සුහංසි වීරසිංහ

දුම්බර හරිත පුහුණු සහ පර්යේෂණ තක්සලාවේ මූලික අදියර Read Previous

දුම්බර හරිත පුහුණු සහ පර්යේෂණ තක්සලාවේ මූලික අදියර

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න Read Next

ඔබත් PRP කරන්න ඉන්නවා නම් මුලින්ම මේක බලන්න

Realted Post

Leave a comment