කැලෑවේ අලි ඇතුන් 300ක් මරණයට පත්වෙනවා
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් වුවත් ,අපේ දේවාලය පෙරහැර සම්බන්ධයෙන් වැඩ කල සියලු පාර්ශවයන්ගේ වස් ද දොස් දුරු කිරීම සඳහා ශ්‍රීවිශ්ණු දේවාලයේ වලි යක් මංගල්‍යය රැයක් පුරා පවත්වන බව මහනුවර ශ්‍රී ව්ෂ්ණු දේවාලයේ සහ අළුත්නුවර ශ්‍රී දැඩි මුණ්ඩ දේවාලයේ බස්නායක නිළමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා මහනුවර විශ්ණු දේවාලයේ පැවති කෙටි උත්සවයකදී ප්‍රකාශ කළේය.
පෙරහැර ආරම්භ කිරීමට කප් සිටුවීමේ සිට ,පෙරහැර අවසන් වන තෙක් ,සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය නායක හිමිපාණන් වහන්සේලා ,ශ්‍රී දළදා මාළිගාවේ දිටවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුලු සිව් මහා දේවාලයන්හී බස්නායක නිළමේ වරුන්,සමග පෙරහැරට දායකත්වය දැක්වූ සෑම පාර්ශවයකටම ස්තුති ප්‍රණාමය පුද කර සිටින බවද මෙහිදී ප්‍රකාශ කළේය.
විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන්ද්‍ර රත්වතතේ මහතා ජනාධිපති තුමන් ප්‍රමුඛ රජයේ සියලු ආයතන සහ රාජ්‍ය නිලධාරින් ,ත්‍රිවිධ හමුදා සහ පොලීසිය මෙහිදී සුවිශේෂී සේවයක් ඉටුකලේ මෙරට බෞද්ධ ජනතාවගේ දළදා පූජෝත්සවය වෙනුවෙන් විශාල කැපවීමක් කල බවද පැවසීය.
මහනුවර ඇසළ පෙරහැර සාර්ථක කර ගැනීමට පවතින ප්‍රධාන ගැටළුව ,පෙරහැරට අවශ්‍ය හීලෑ අලි ඇතුන් හිඟ වීම බවත්ම අපේ කැලෑවල ඉන්න අලි සම්පත අතරින් වසරකට අලි 300ක් පමණ විවිධ හේතූන් මත මරණයට පත්වීම තවත් හේතූවක් බවත් පැවසූ විශ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා කීය.
පෙරහැර සඳහා අවශ්‍ය අලි ඇතුන් අලි ඇතුන් රැඳවුම් මධ්‍යස්ථාන හරහා දළදා මාළිගාවට සහ දේවාලවලට ලබාදෙන්නේ නම් එම අලි ඇතුන් නඩත්තු කිරීමට දේවාල වලට හැකියාව පවතින බවද සඳහන් කළේය.
ජේ.ඒ.එල්. ජයසිංහ

Leave a comment